පොහොට්ටුවේ ලලිත් එල්ලාවල ජනපතිට කි දේ
"තනතුරු තාන්න මාන්න ඇමැතිකම් බලාගෙන ඉන්න පොහොට්ටුවේ උන්ට කියනවා දැන්වත් ඇහැරියල්ලා ,තමන්ට වෙන විනාශය බලපල්ලා, රනිල් මේ හදන්නේ,පොහොට්ටුව විනාශ කරලා එක්සත් ජාතික පක්ෂය ගොඩ නගන්න" යැයි කළුතර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ලලිත් එල්ලාවල මහතා පැවසීය
මන්ත්රීවරයා එසේ පැවසුවේ බණ්ඩාරගම ප්රදේශයේ පැවති උත්සව සභාවක් අමතමිනි
"පොහොට්ටුව රනිල්ට ජනාධිපති කම දුන්නේ මේ රටේ ආර්ථිකය ගොඩනගන්න, රනිල් වික්රමසිංහ මොකද කරන්නේ පොහොට්ටුව විනාශ කරලා එක්සත් ජාතික පක්ෂය ගොඩනගනවා.
ඒකට හොඳම උදාහරණය තමයි .උතුර නැගෙනහිර හා වයඹ ආණ්ඩුකාරවරු අයින් කරලා රනිල්ට හිතේෂි තුන්දෙනෙක් පත් කිරිම. පොහොට්ටුව අයගේන් මම අහනව රනිල්ට ජනාධිපති කළේ මේකට ද කියලා
මේ යක්කු එකෙකුටවත් මේක තේරෙන්නෑ, තාන්න මාන්න තනතුරු ඇමතිකම් බලාගෙන ඉන්නවා, බලාගෙන ඉන්න කොට තමන් දන්නැතුව පොහොට්ටුවත් මේකෙන් විනාශ කරලා දානවා.
දැන්වත් ඇහැරීයල්ලා , තමන්ට වෙන විනාශය බලපල්ලා,එක්සත් ජාතික පක්ෂය ගොඩනගන්නයි රනිල් මේ හදන්නෙ මේක තේරෙන්නැති මෝඩ හැත්තක් තමයි මේ තනතුරු තාන්න මාන්න බලාගෙන ඉන්නේ.
අපි පැහැදිලිව රනිල් ට කියනවා අපි තමුන්නාන්සේ ජනාධිපති කලේ එක්සත් ජාතික පක්ෂය ගොඩ නගන්න නොවෙයි රටේ ආර්ථිකය ගොඩනගන්න.
මේ කරන්නේ රටත් විනාශ කරලා පොහොට්ටුවක් විනාශ කරන වැඩපිළිවෙළකට කියන එක මම පැහැදිලිව කියනවා"

popular news
-
Demuni Uduwara Thursday, 18 May 2023 11:10 PM
Lalith, what you say is exact ! He slowly and gradually erodes Pohottu wa.
Reply : 0 0
Deepal Nirosh Friday, 19 May 2023 10:51 AM
ඉතින් මිනිහෝ ඔය කාරණය නො දැන ද පාර් ලිමේන්තුවෙ දි රනිලිට ඡන්දය දීල ජනාධිපති කළේ. ඇති තමුන් අත ඉස්සුවෙ නැතුව ද? තමුන් කාපු දේ තමුන්ම විඳවගන්න එකයි ඇත්තෙ. ගත්තු ණය නොගෙවා පැහැර හරින්න පුළුවන් නම අපිටත් අමුතුවෙන් හැදෙන්න දෙයක් නැහැ.
Reply : 0 3
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
