පසුගිය 24 වන දින නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පානදුර නගරයේ පැවති රැළියකදී එම රැළියට ගොඩ වු සමගි ජනබලවේගයේ පානදුර ආසනයේ හිටපු තරුණ කටයුතු ලේකම් නිර්මාල් ප්‍රනාන්දු සියළු දෙනාගෙන් සමාව ඉල්ලා සිටියිඔහු අද (28) මාධ්‍ය වෙත අදහස් පළ කරමින් මේ බව පැවසීය. එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙලෙස පැවසීය.
"මම සමගි ජන බලවේගයේ කළුතර දිස්ත්‍රික්කයේ පානදුර ආසනයේ තරුණ කටයුතු ලේකම් වරයා.ඒ වගේම මාධ්‍ය ලේකම් වරයා.මම 2019 වසරේ ඉදලාම සමගි ජන බලවේගය සමග තමයි කටයුතු කලේ.නමුත් පසුගිය කාලේ මේ ප්‍රදේශයට උඩින්පාත් වුණු ආසන සංවිධායක වරුන් පත් කිරිමත් සමග මම යම් කළකිරීමකට පත් වුණා.
ඒ අනුව මම ගත්ත හදිසි තීරණයක් නිසා තමයි මම පසුගිය 24 වන දින පානදුර නගරයේ පොදු ජන එක්සත් පෙරමුණ පැවැත් වු රැළියට සහභාගි වුනේ.ඉතින් මට තවමත් වුනේ මොකද්ද කියලා හිතා ගන්න බෑ.ඒ නිසා මම ගත්ත ඒ හදිසි තීරණය නිසා සමගි ජන බලවේගයේ හෝ පොහොට්ටුවේ යම් කෙනෙකුට කිසියම් හෝ අපහසුතාවයක් සිදු වුණානම් මම ඒ හැම දෙනාගෙන්ම සමාව ඉල්ලනවා" යැයි පැවසීය.
සූරියවැව ණුවන් ජයසේකර