පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන් 10ක් පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමට තීරණය කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේදී අද (05දා) විශේෂ ප්‍රකාශයක් කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා,
"අද පවතින රටේ තත්ත්වය ගැන කවුරුත් දන්නවා. රජය පිළිබඳ විශාල අප්‍රසාදයක් තිබෙනවා. මේ අප්‍රසාදය මේ පර්ලිමේන්තුව තේරැම් ගන්න ඕනී. පාර්ලිමේන්තුව මේ තත්ත්වය තේරුම් නොගත්තොත් මේ පාර්ලිමේන්තු විශාල අගතියක් කරනවා රටේ ජනතාවට. ඒ නිසා අපි කණ්ඩායමක් තීරණය කරලා තිබෙනවා අනන්‍ය වූ වෙනම කණ්ඩායමක් ලෙස මේ පාර්ලිමේන්තුවේ පෙනී සිටින්න."යනුවෙන් සඳහන් කළේය.
එලෙස ස්වාධීන වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පහත දැක්වේ.
1. අනුර ප්‍රියදර්ශන යාපා
2. ජොන් සෙනවිරත්න
3. සුසිල් ප්‍රේමජයන්ත්
4. චන්දිම වීරක්කොඩි
5. නලීන් ප්‍රනාන්දු
6. නිමල් ලංසා
7. සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ
8. ප්‍රියංකර ජයරත්න
9. රොෂාන් රණසිංහ
10. ජයරත්න හේරත්