පොහොට්ටුවේ ආසන සංවිධායකයෝ ගුටි හුවමාරුවක
ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ නුවරඑළිය දිස්ත්රික් සංවිධායක නිමල් පියතිස්ස මහතා සහ කොත්මලේ ආසනයේ සංවිධායක පරාක්රම දසනායක මහතා අතර (18) දින පස්වරුවේ තිස්පනේ ප්රදේශයේ උත්සව ශාලාවකදී ඇති වූ වචන හුවමාරුවක් ගඅටිබැට හුවමාරුවක් දක්වා වර්ධනය වූ බව පරාක්රම දසනායක මහතා පැවසීය.
කොත්මලේ ආසනයේ සංවිධායකවරයා වශයෙන් තමන්ව දැනුවත් නොකර නිමල් පියතිස්ස මහතා (18) දින පස්වරු 2:00ට තිස්පනේ පෞද්ගලික උත්සව ශාලාවක රැස්වීමක් කැදවා තිබූ බවත්, ඒ පිලිබදව විමසීමට ගිය අවස්ථාවේ දෙදෙනා අතර, වචන හුවමාරුවක් සිදු වූ බවත්, ගුටිබැට හුවමාරුවක් දක්වා එය දුර ගිය බවත්, පසුව නිමල් පියතිස්ස මහතා රැස්වීම නොපවත්වා පිටව ගිය බවයි පරාක්රම දසනායක මහතා කියා සිටියේ.
එකම දිස්ත්රික්කයක සංවිධායකවරුන් වූවත්, තමන් නියෝජනය කරන කොත්මලේ ආසනයට තමන්ව දැනුවත් නොකර පැමිණ පක්ෂයේ රැස්වීමක් පැවැත්වීම තමන්ට ගැටළුවක් නිසා ඒ පිලිබදව විමසීමට තමන් නිමල් පියතිස්ස මහතාගේ රැස්විමට ගිය බවත්, ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් පක්ෂයේ මහ ලේකම්වරයා දැනුවත් කිරිමට පියවර ගන්නා බවද පරාක්රම දසනායක මහතා පැවසීය.
අප මේ පිලිබදව නුවරඑළිය දිස්ත්රික් සංවිධායක නිමල් පියතිස්ස මහතාගෙන් කල විමසීමට ඔහු කියා සිටියේ, ලබන මස නුවරඑළිය දිස්ත්රික්කයේ පැවැත්වෙන දිස්ත්රික් සම්මේලනය සදහා තමන් දිස්ත්රික්කය තුල රැස්වීම් ගණනාවක් පවත්වමින් යන බවත්, (18) දින පස්වරුවේ කොත්මලේ තිස්පනේ ප්රදේශයේ රැස්වීමක් පැවැත්වීමට සූදානම් වන විට පරාක්රම දසනායක මහතා මැර පිරිසක් සමග පැමිණ එම රැස්වීම කඩාකප්පල් කර ගිය බවයි.
පසුව තමන් සහ තමන්ගේ ආධාරකරුවන් පිරිස එම පිරිසට පහර දී පන්නා දැමූ බවද නිමල් පියතිස්ස මහතා පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

