ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසංක නවරත්න මහතා විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සමග එක්ව කටයුතු කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව සමාජ ප්රජාතන්ත්රවාදය උදෙසා පොදු ගමනක් යාම අරමුණු කර ගනිමින් මෙලෙස අත්වැල් බැඳගන්නා බව අද (04දා) ඒ මහතා කොළඹ විපක්ෂනායක කාර්යාලයේදී විපක්ෂනායකවරයා මුණගැසෙමින් සඳහන් කර ඇත.
අසංක නවරත්න මහතා ශ්‍රී ලංකා මහජන පක්ෂය නියෝජනය කරන අතර, පසුගිය මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස පාර්ලිමේන්තුවට තේරී පත් විය.
