අදට යෙදී ඇති ලෝක කම්කරු දිනයට සමගාමිව දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිති මැයි දින පෙළපාලි හා රැළි සංවිධානය කර තිබුණත් ආණ්ඩුවේ ප්රධානම පක්ෂය වන ශ්රී ලංකා පොදුජන පෙරමුණ මැයි දින පෙළපාලියක් හෝ රැළියක් සංවිධානය කර නොතිබීම විශේෂත්වයකි.
කෙසේ වෙතත් ශ්රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිති නුගේගොඩ එළිමහන් රංග පීඨයේදි රැළියක් සංවිධානය කර තිබේ.
කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය, ශ්රී ලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුළු සෙසු පක්ෂ හා වෘත්තිය සමිති මැයි දින රැළි හෝ පෙළපාලි සංවිධානය කර තිබේ.