පොදුජන පෙරමුණට බලය හිමි අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා වන මුනිදාස ගමගේ මහතා විසින් දෙවන වරටත් අයවැය ඉදිරිපත් කිරීමේ පසු එය වැඩි ජන 18 කින් පරාජයට පත්විය.
අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිස් වු සභාපති ධූරය සඳහා ලේකම්වරයා විසින් පළාත් සභා පනත පැහැදිලි කිරීම් දීමෙන් අනතුරුව වැඩ බලන්නව සභාපතිවරයා වශයෙන් උප සභාපති ජගත් රාජපක්ෂ මහතා වැඩ භාරගන්නා ලදි
පොදුජන පෙරමුණට (පොහොට්ටුවට) බලය හිමි සංයුතියේ වූයේ සභාපතිවරයා ඇතුළු දාහතර දෙනෙකිි සමගි ජන බලවේගය ට සභිකයන් 6 දෙනෙක් ද ජනතා විමුක්ති පෙරමුණට මන්ත්‍රීවරු තුන් දෙනෙක් ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මන්ත්‍රීවරු දෙදෙනෙක් වශයෙන් ද මන්ත්‍රී සංඛ්‍යාව බෙදී ගොස් තිබිණි.
සභාපති මුනිදාස ගමගේ මහතා විසින් ඉදිරිපත් කරන ලද අයවැයට පක්ෂව ලැබී තිබුණේ ඡන්ද පහකි විපක්ෂව ඡන්ද 18 ලැබි තිබූ අතර මන්ත්‍රීවරියන් දෙදෙනකු ඡන්දය දීමෙන් වැළකී සිටියහ.
මෙවර සභාව අයවැය ඉදිරිපත් කිරීමටත් පෙර සිටම උණුසුම් මුහුණුවරක් ගෙන තිබිණි. ඉපරාජයට පත්වූ සභාපතිවරයා වසර විසිහයක් සභිකයෙකු ලෙස අයවැය 19 ඉදිරිපත් කර තිබිණි. නමුත් ඔහුගේ අත්තනෝමතික පාලනය නිසා මෙවර අයවැය පරාජය කිරීමට කටයුතු කළ බව මන්ත්‍රීවරු පැවසූහ.
අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ පළමු අයවැය කෙටුම්පත පසුගිය 19 වන දා සභාපති මුනිදාස ගමගේ මහතා විසින් ඉදිරිපත් කළ අතර එදිනද අයවැය ඡන්ද දහ නමය කින් පරාජයට පත්විණි
දෙවන වර අයවැය ඉදිරිපත් කර පරාජය වීමත් සමඟම පරාජයට පත්වූ සභාපති මුනිදාස ගමගේ අදහස් දක්වමින් පවසා සිටියේ වීදුරු ගෙවල්වල සිට ගල් නෙගසන ලෙසයි. ඔහු එසේ පැවසීමත් සමඟ සභාව නැවත වරක් දැඩි උණුසුම් ස්වරූපයක් ගෙන තිබුණද දින නියමයක් නොමැතිව සභාව කල් දැමිණි.
අකුරැස්ස එන්. කේ. ඉන්ද්‍රවංශ