පොසොන් සැණකෙලියෙන් අපුර මහ නගර සභාවට වාර්තාගත ආදායමක්
- 4 07 2024
- 13:18
- {{hitsCtrl.values.hits}} views
- ..
ජාතික පොසොන් උත්සවය නිමිත්තෙන් අනුරාධපුර මහනගර සභාව සංවිධානය කළ පුරවර උදානය පොසොන් සැණකෙළියෙන් රුපියල් කෝටි අටහමාරක දළ ආදායමක් ලැබී ඇති බව නාගරික කොමසාරිස් රුවන් විජේසිංහ මහතා පැවසීය. මෙය මහනගර සභා ඉතිහාසයේ වැඩිම ආදායමක් ඉපැයූ ව්‍යාපෘතිය බව ඒ මහතා සදහන් කළේය. මෙම ආදායමෙන් ලැබූ දළ ලාභය රුපියල් කෝටි හතර හමාරක් පමණ බවද නාගරික කොමසාරිස්වරයා පැවසුවේය.
පුරවර උදානය දින නවයක කාලසීමාවක් අනුරාධපුර වලිසිංහ හරිශ්චන්ද්‍ර උද්‍යානයේ දී පැවැත්විණි. මහනගර සභාව මෙම ආදායම උපයාගනු ලැබුයේ සැණකෙළිය හා සංදර්ශන නැරැඹීම සඳහා එහි ගිය ජනතාවට ප්‍රවේශ පත්‍ර අළෙවි කිරීම මගින් බව සදහන්වේ. එමෙන්ම ඒ සදහා සංදර්ශන හා සැණකෙලි මගින් ලැබූ ආදායම් ද වෙනත් ආදායම් බදු ද ඇතුළත් වී ඇති බව නාගරික කොමසාරිස්වරයා සදහන් කළේය.
බුල්නෑව ප්‍රදීප් රණතුංග
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
