අනුරාධපුරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන ජාතික පොසොන් උත්සවයට සමගාමීව ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 3500ක් පමණ සේවයේ යොදවා ඇති බව පොලිස් මූලස්ථානය නිවේදනය කරයි.
එසේම අවශ්‍ය අවස්ථාවලදී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ හා යුද හමුදාවේ සේය ලබා ගැනීමටද අපේක්ෂා කරන බව
පොලිස් මූලස්ථානය පවසයි.
එසේම අනුරාධපුරය හා මිහින්තලාව ආශ්‍රිතව රථවාහන ගාල් 28ක් පමණ ස්ථාපිත කර ඇති බවත් යම් හදිසි අවස්ථාවක් ඇති වුවහොත්
025-2222124 හා 071-8593330 යන දුරකත අංකවලට අමතන ලෙස පොලිස් මූලස්ථානය ජනතාවට දැනුම් දෙයි.