පොලොන්නරුව රාජධානියේ මුල් යුගයට අයත් යැයි සැලකිය හැකි සහ මෙතෙක් හමු වූ කුඩාම ශිව ලිංග පාදම නොහොත් යෝනි ගලක් කිසියම් පිරිසක් විසින් පොලොන්නරුව ඇතුමල්පිටිය වැවේ වැව්පිටියට ගෙනැවිත් දමා තිබිය දී අද (07දා) පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා පුරාවිද්‍යා පොලිසිය එක්ව සොයාගෙන ඇත.
මීට දින කිහිපයකට ඉහත දී කිසියම් පිරිසක් මෙම ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ශිව ලිංග පාදම නොහොත් යෝනි ගල ගෙනවිත් දමා ඇති බවට ප්‍රදේශවාසීන් ගෙන් ලැබුණ තොරතුරකට අනුව අද (07දා) පොලොන්නරුව පුරාවිද්‍යා සහකාර අධ්යක්ෂ කාර්යාලය හා පුරා විද්‍යා පොලිසිය විසින් මෙම ශිව ලිංග පාදම සොයාගෙන ඇත.
පොලොන්නරුව රාජධානියට අයත් මුල් යුගයේ එනම් ක්‍රි.ව.9 වන සියවසේ අග භාගයේ චෝල සමයට අයත් යැයි සැලකෙන ආකාරයේ ශිලා නිර්මාණවල ශිල්පීය ගුණාංග තිබෙන එකක් ලෙස සැලකිය හැකි බව පොලොන්නරුව කලාපය භාර පුරාවිද්‍යා සහකාර අධ්යක්ෂ පී.එච්.නලින් වීරරත්න මහතා අප කළ විමසුමක දී පැවසීය.
"මෙය පොලොන්නරුව රාජධානියේ මුල් යුගයේ චෝල පාලන සමයට අයත් යෑයි සැලකෙන මෙතෙක් හමු වූ පැරණිම හා කුඩාම ශිව ලිංග පාදනමක් විදිහට සලකන්න පුළුවන්.එතැම් අය මෙයට යෝනි ගල කියලා ව්‍යවහාර කරනවා.මෙය ඉතාමත් ඉහළ කාලාත්මක නිර්මාණයක්.කවුරුහරි කොහේදි හරි හාරලා මෙහෙ වැවට ගෙනත් දාලා තියෙන බවට ලැබුණ තොරතුරක් අනුව අපි ගිහිල්ලා ඒක අරගෙන ආවා පොලොන්නරුව පුරාවිද්‍යා කෞතුකාගාරයට."යැයි ද ඒ මහතා පැවසීය.

