පොළොන්නරුව වකුගඩු රෝහලේ රෝහලේ මුළුතැන්ගෙය තුළ ගෑස් සිලින්ඩරයක් පුපුරායාමෙන් සිදුවූ අනතුරකින් එහි සේවට කළ පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා තිබේ. අනතුරින් තුවාල ලැබූ වකුගඩු රෝහලේ සේවකයින් ප්රතිකාර සඳහා පොළොන්නරුව රෝහලට ඇතුළත් කර ඇත. පිපිරීමෙන් රෝහල් ගොඩනැගිල්ලට දැඩි අලාභහානි සිදුවී ඇති බවද වාර්තා වෙයි. අද (26) අලුයම 4ට පමණ මෙම පිපිරීම සිදුවී තිබේ.


