දරුවෙකුගේ පමණක් නොව කිසිවෙකුගේවත් ජීවත් වීමේ අයිතිය, යටපත් කිරීමට හෝ අපහාසයට ලක් කිරීමට කිසිදු රාජ්‍ය සේවකයෙකුට නොහැකි බව, අග්‍රාමාත්‍ය සහ රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය. ඔහු කියා සිටියේ එම ප්රතිපත්තය මත රජය කටයුතු කරන බවය.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේ රෝහිණී කුමාරි විජේරත්න මන්ත්‍රීවරිය විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. ඇය විමසුවේ අවුරුදු 13ක ගැහැනු දරුවෙකු ගැබිනියක බව ප්‍රකාශ කිරීමත්, පසුව එය වැරදීමක් බව පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රකාශ කළ බවට වන සිද්ධීන් පිළිබඳවය. එම දරුවා මානසික පීඩනයකට ලක් වූ නිසා, දිස්ත්‍රික් ලේකම්වරයා සම්බන්ධයෙන් ගන්නා තීන්දුව පිළිබඳ මන්ත්‍රීවරිය විමසීය.
එහිදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේ කරුණු පැහැදිලි කරන්න යැයි, එම දිස්ත්‍රික් ලේකම්වරයාට දන්නවා ඇති බවත්, ඒ අනුව අවශ්‍ය පියවර ගන්නා බවත්ය.
‘කතානායකතුමනි, දිස්ත්‍රික් ලේකම්වරයාට වහාම කරුණු පැහැදිලි කරන්න කියලා වහාම යවලා තියෙන්නේ. ඒ අනුව අවශ්‍ය පියවර අප ගන්නවා ඇති. දරුවෙක්ට නොවේ කාටවත්, තමන්ගේ ජීවත් වීමේ අයිතිය කිසිම රාජ්‍ය සේවකයෙක්ට යටපත් කරන්න හෝ අපහාසයට ලක් කරන්න බැහැ. ඒ ප්‍රතිපත්තිය උඩ අපි කටයුතු කරනවා.’