පොලොන්නරුව චීන මිත්‍රත්ව රෝහලේ පළමු ළමා වකුගඩු බද්ධය සාර්ථකයි
පොළොන්නරුව චීන - ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහලේදී (National Nephrology Specialized Hospital) වයස අවුරුදු 16 ක පිරිමි ළමා රෝගියෙක් සඳහා වකුගඩු බද්ධ කිරීම මැයි 07 දින සාර්ථකව සිදු විය.
ඒ අනුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මඟ පෙන්වීම සහ උපදෙස් මත මෙරට ළමා රෝහලක හැර පර්යන්ත රෝහලක පළමු වරට සිදු කළ ළමා වකුගඩු බද්ධ සැත්කම ඉතා සාර්ථක සිදු කළ බවත්, මින් ඉදිරියට සමස්ත ශ්‍රී ලාංකේය දරුවන්ගේ අවශ්‍යතා පරිදි වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්ම සිදු කිරීමට සිය රෝහල සූදානම් බව පොළොන්නරුව චීන ශ්‍රී ලංකා මිත්‍රත්ව වකුගඩු රෝහලේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය දිල්කා සරණසිංහ මහත්මිය ඇතුළු ශල්‍යකර්මය සිදු කළ විශේෂඥ වෛද්‍ය කණ්ඩායම අද (26) පැවැති විශේෂ මාධ්‍ය හමුවක දී අවධාරණය කරන ලදි.
පොළොන්නරුව චීන - ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහලේ ශ්‍රවණාගාරයේ දී මෙම මාධ්‍ය හමුව පැවැති අතර, එහිදී සාර්ථකව සිදු කරන ලද ඉහත ළමා වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මය පිළිබඳවත්, සැත්කමෙන් පසු රැකවරණය (Post-Surgery Care), සහ රෝහලේ අනාගත සැත්කම් සැලසුම් පිළිබඳවත් දැනුවත් කිරීමට කටයුතු කරන ලදි.
මින්නේරිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 16 ක ළමා රෝගියා සඳහා වකුගඩුව පරිත්‍යාග කරන ලදුව ඇත්තේ එම දරුවාගේ පියා විසින් වන අතර මේ වන විට එම දරුවා හා පියා සම්පූර්ණ සුවය ලබා සිටින බව ද මෙහිදී විශේෂඥ වෛද්‍ය කණ්ඩායම පෙන්වා දෙන ලදි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

