පොලොන්නරුවේ භීෂණය අන් කවරදාටත් වඩා පැතිර ගිහින්
පොලොන්නරුව දිස්ත්රික්කය තුළ අන්කවරදාටත් වඩා රාජ්ය භීෂණය පසුගිය මාස කිහිපය තුල පැතිරගොස් ඇති බව හිටපු ජනපති මෛත්රීපාල සිරිසේන මහතා පවසයි.
ශ්රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ පොලොන්නරුව දිස්ත්රික් මැතිවරණ කාර්යාලය අද (01දා) පොළොන්නරුව කදුරුවෙල ප්රදේශයේදි විවෘත කරමින් ඔහු මේ බව සඳහන් කළේය.
කිසි දිනෙක මැතිවරණයෙන් පරාජය නොවු තමා එළඹෙන මහා මැතිවරණයෙන් විශිෂ්ට ජයග්රහණයක් ලබමින් සිය ප්රතිපත්ති හා දර්ශනය ඉදිරියටත් ගෙන යන බව මෙහිදී පැවැසීය.
පොළොන්නරුව දිස්ත්රික්කයේ ප්රාදේශීය දේශපාලකයන් තමන්ට කරන චෝදනා පිළිබඳවද එහිදි වැඩි දුරටත් අදහස් ප්රකාශ කළ මෛත්රීපාල සිරිසේන මහතා සඳහන් කළේ පොළොන්නරුවේ අන් කවරදාකටත් වඩා රාජ්ය භිෂණය මේ මාස කිහිපයට පැතිර ගොස් ඇති බවයි.
එම රාජ්ය භිෂණය ඉතා ඉක්මණින් අවසන් වන බවත් අයුක්තියට අසාදාරණයට ලක්වු සියලු රාජ්ය නිලධාරින්ගේ වගකිම තමා බාරගන්නා බවත් ප්රකාශ කර සිටියේය.
popular news
-
piyadasa Sunday, 01 March 2020 08:16 PM
sure he will loss the seat
Reply : 0 1
ranjith Sunday, 08 March 2020 04:35 AM
මෙවන් බල ලොබයන් පරාජය කල උතුය පොහොට්ටුවේ ජය උකුසු දඩයමට සුදානම් වෙලා ඉන්නේ මෙය
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

