පොලී අනුපාත මේ තරම් ඉහළට ගෙන යාම තමන් අනුමත නොකරන බවත් මුදල් ගලායාම සිදුකළ යුතු බවත් අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පාර්ලිමේන්තුවේදී පැවැසීය.
"මේ හැම දේකටම අපි යර්ස් කියන්නේ නෑ. ඒක මගේ ප්‍රතිපත්තිය. මම එදත් වැරදිදේට වැරදිය කිව්වා. මගේ අදත් තියෙන මතය තමයි මේ තරම් ඉහළට පොලී අනුපාත ගෙන යාම ගැන එකඟ නෑ.
ආර්ථික විද්‍යාව ගැන මොකක් හරි අපිත් දන්නවා. පහළ මට්ටමේ ඉන්න ජනතාව කොහොමද ඉන්නේ. ප්‍රශ්නත් එක්ක තමයි ප්‍රතිපත්ති තීන්දු ගන්න ඕන. හැකි ඉක්මනින් පොලී ප්‍රතිපත්ති පහළට ගේන්න වෙනවා.
මුදල් ගලායාම කරන්න ඕන. මාස දෙකක් විතර යනවනම් ඒක ජනතාවට කියන්න ඕන. ජනතාව මාස දෙකක් ඉදියි. නමුත් වැඩි කාලයක් ජනතාව දරා ගන්න එකක් නෑ"