පොලිසියට ලද පැමිණිලි විභාග කල බවට අසත්‍ය ප්‍රකාශ සටහන් කර පැමිණිලිකරුවන්ගේ අත්සන් හොරට යොදා පැමිණිලි පාර්ශව මෙන්ම පොලිස් නිලධාරීන් ද නොමග යැවූ පානදුර උතුර පොලිස් ස්ථානයේ කොස්තාපල්වරයෙකු අද (04) සිට ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනමකට ලක්කර ඇතැයි පානදුර පොලිස් අධිකාරී කාර්යාලය සඳහන් කරයි.
මෙසේ වැඩ තහනමකට ලක්ව ඇත්තේ පානදුර උතුර පොලිසියේ ප්‍රජා පොලිස් ඒකකයේ රාජකාරී නියුතුව සිටී සුජීව කරුණාරත්න නැමැති කොස්තාපල්වරයෙකු බව සදහන් වේ.
පානදුර සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න මහතා ගේ නියෝග මත මෙසේ වැඩ තහනම සිදුකර ඇතැයි සදහන් වේ.
පානදුර, කෙසෙල්වත්ත ප්‍රදේශයේ ලී මෝල් හිමියකුගේ බැන තර්ජනය කිරීමකට ලක්වූ පුද්ගලයෙකුට කරන ලද පැමිණිල්ලක් මාස තුනකට අධික කාලයක් විභාග නොවූ බවට පැමිණිලිකරු විසින් පානදුර පොලිස් අධිකාරී කාර්යාලයට කල පැමිණිල්ලක් අනුව පානදුර සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න මහතා නිරීක්ෂණය කිරීමේදී එය පැමිණිලිකරු ඉල්ලා අස්කරගෙන ඇති බවට සටහන් යොදා තිබූ බව පොලිසිය කියයි.
තවදුරටත් පරීක්ෂා කිරීමේදී සැකකාර පොලිස් කොස්තාපල්වරයා විසින් එම ආකාරයට පැමිණිලි 5 ක් නිසි විභාගයකින් හෝ ජේෂ්ඨ නිළධාරින්ට දැනුවත් කිරීමකින් තොරව පැමිණිලි විභාග කල බවට අසත්‍ය ලෙස සටහන් යොදා පැමිණිලි කරුවන්ගේ අත්සන් හොරට යොදා තිබූ බවටද නිරීක්ෂණය වී ඇතැයි පොලිසිය පවසයි.
අදාළ පොලිස් කොස්තාපල්වරයා වසර 4 ක් සේවාකාලයක් ඇති කොස්තාපල්වරයෙකු බවද සඳහන් වේ.
පානදුර සුමිත් පොතුපිටිය