ශ්‍රි ලංකා පොලිසිය විසින් කුලිපදනම මත ලබාගෙන තිබු ගොඩනැගිලි 331ක් සදහා ගොඩනැගිලි කුලි මුදල් ලෙස ඉකුත් වර්ෂයේ (2024) රුපියල් හැත්තැතුන්කෝටි, අසුලක්ෂ,හයදහස් හත්සිය දහතුනක (738,006,713) මුදලක් ගෙවා ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.
ශ්‍රිලංකා පොලිසියේ නිති විරෝධිවත්කම් හෝ දේපළ විමර්ශන කොට්ඨාශය, ත්‍රස්ත මර්ධන හා විමර්ශන කොට්ඨාශය,තැනැත්තන් වෙළදාම ජාවාරම මැඩලිම සහ සමුද්‍රිය ආරක්ෂණ කොට්ඨාශය, සහ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශය, කොළඹ 05 ප්‍ර දේශයේ පුද්ගලික සමාගමකට අයත් ගොඩනැගිල්ලක පවත්වාගෙන යනු ලබයි.
ඒ සදහා ගොඩනැගිලි කුලි මුදල් ලෙස මාසයකට රුපියල් එක් කෝටි හාරලක්ෂයක මුදලක් (10,400,000) ගෙවනු ලබන අතර ඉකුත් වර්ෂයේ එම ගොඩනැගිල්ල සදහා ගෙවා ඇති කුලි මුදල රුපියල් දොළොස්කෝටි,හතලිස්අටලක්ෂයකි. (124,800,000)
ග්‍රැන්ඩ්පාස් පොලිසිය 1931 වර්ෂයේ සිට කුලිපදනම මත ලබාගෙන තිබු ගොඩනැගිල්ලක පවත්වාගෙන යනු ලබන අතර ඒ සදහා ඉකුත් වර්ෂයේ දි ගොඩනැගිලි කුලි මුදල් ලෙස රුපියල් හතලිස් දෙලක්ෂ හැත්තැදහසක මුදලක් (4,270,000) ගෙවා තිබුණි. වසර 100කට ආසන්න කාලයක් මෙම පොලිසිය කුලිපදනම මත ලබාගත් ගොඩනැගිල්ලක පවත්වාගෙන යනු ලබන අතර ශ්‍රිලංකා පොලිසිය සදහාම ගොඩනැගිල්ලක් ඉදිකොට ග්‍රැන්ඩ්පාස් පොලිසිය එම ස්ථානයේ ස්ථාපිත කිරිමට පොලිසියට නොහැකි වි තිබුණි.
ශ්‍රිලංකා පොලිසියේ පොලිස් කාර්යාල 80ක්, පොලිස් ස්ථාන 121ක්, පොලිස් මුරපොල 15ක්, නිල නිවාස හා භට නිවාස 106ක්, සහ ගබඩා 09ක් පවත්වාගෙන යාම සදහා ගොඩනැගිලි 331ක් කුලි පදනම මත ලබාගෙන තිබුණි.
ශ්‍රි ලංකා පොලිසිය සම්බන්දයෙන් 2024 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති කාර්යසාධන වාර්තාවට ඇතුලත්කොට ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුලත්ව ඇත.
යක්කලමුල්ල ජේ.කේ.එල්. චාමින්ද