ඡන්ද මධ්‍යස්ථාන ආශ්‍රිතව නීති විරෝධී කටයුතු සිදුකරන පිරිස් අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
ඡන්ද විමසීමට අදාළ කටයුතු සඳහා පොලිස් නිලධාරීන් 65000කට අධික පිරිසක් අනුයුක්ත කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා සඳහන් කළේය.
දැනට පොලිස් නිලධාරීන් 73000 කට ආසන්න පිරිසක් රට තුළ සේවය කරන බවත් ඉන් සියයට අසූවකට ආසන්න පිරිසක් ඡන්ද විමසීමට අදාළ රාජකාරි කටයුතු සඳහා යෙදවා සිටින බවත් ඔහු පවසා සිටියේය.
ආරක්ෂක වැඩපිළිවෙළ යටතේ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් 2337ක් හා සිවිල් ආරක්ෂක බළකා නිලධාරීන් 9906ක්ද යොදවා සිටින බවත් අවශ්‍ය තාවක් වුවහොත් කැඳවීම සඳහා ත්‍රිවිධ හමුදාව සුදානමින් තබා තිබෙන බවත් හෙතෙම සඳහන් කළේය.
ඡන්ද මධ්‍යස්ථානවල රාජකාරි කටයුතු සිදුකිරීමට අමතරව ඡන්ද මධ්‍යස්ථානවල ආරක්ෂක කටයුතු සඳහා ජංගම පොලිස් මුර සංචාර සිදුකරන බවද ඔහු පැවසීය.