ආහාරයට හත් හතු වර්ගයක් විසවීමෙන් පයාගල පොලිසියේ නිළධාරීන් දස දෙනෙකු පමණ හදිසියේ අසනීපව ඇති බව පයාගල පොලිසිය පවසයි.
පයාගල පොලිසියේ දූෂණ මර්ධන අංශ ස්ථානාධිපති වරයා ඇතුළු නිළධාරීන් පිරිසක් මෙසේ අසනීපව ඇති බවද පොලිසිය කීය.
පොලිසිය පිටුපස වැවී තිබූ හතු වර්ගයක් ඊයේ (06) රාත්‍රි ව්‍යංජනයක් ලෙස සකසා ආහාරයට ගෙන ඇති බවත් ඉන්පසු ඔවුන්ට හිසේ කැක්කුම , කැරකැව්ල්ල සහ වමනය ඇතුළු රෝග ලක්ෂණ මතුව ඇති බවත් පොලිසිය කිය.
අසනීපවූ හත් දෙනෙකු කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බවත් ඉන් තිදෙනෙකු මේ වනවිට බැහැරට ගොස් ඇති බවද පොලිසිය කීය.
හතු වර්ගය සම්බන්දයෙන් සෞඛ්‍ය අංශ පරීක්ෂණ සිදුකරන බව සදහන් වේ.
පයාගල පොලිසිය පරීක්ෂණ පවත්වති.
සුමිත් පොතුපිටිය