'සියලු දෙනාම කියවිය යුතු පොලිස් පණිවිඩය' යනුවෙන් මේ වන විට සමාජ ජාලා හරහා හුවමාරු වන පණිඩිය පොලිස් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ පණිවිඩයක් නොවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයිි.
‘ප්‍ර වේසම් වන්න ආර්ථික අර්බුද‘ ලෙස කරුණු 22ක් ඇතුළත් ක අවසානයේ ‘පරිස්සමින් ඉන්න පොලිස් දෙපාර්තමේන්තුව‘ යනුවන් මෙම ව්‍යාජ පණිවිඩය සකස් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
මෙවැන පණිඩියක් මාධ්‍ය ආයතන වෙත හෝ මහජනතාව වෙත නිකුත් කර නොමැති බවත් පොලීසියට යම් කරුණක් පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමට අවශ්‍ය නම් එය මාධ්‍ය කොට්ඨාසය මගින් මාධ්‍ය නවේදන ලෙස නිකුත් කරන බවද එම කාර්යාලය පවසයිි.
මෙම ව්‍යාජ පණිවිඩ වලට නොරැවටෙන ලෙස ජනතාව දැනුවත් කරන මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් පවසන්න් මෙම ව්‍යාජ පණිවිඩය නිකුත් කළ පුද්ගලයන් පිළිබඳව අණාවරණය කර ගැනීම වෙනුවෙන් පරීක්ෂන ආරම්භ කර ඇති බවයි.