ශ්‍රී ලංකා පොලීසියට ආවේණික මහේන්ද්‍රන් ස්කුබී වර්ගයේ නිල් පැහැති ජීප් රථයක් නීති විරෝධී අන්දමින් වර්ණය වෙනස් කොට පරිහරණය කල පුද්ගලයෙකු අද (04දා) පස්වරුවේ අත්අඩංගුවට ගත්බව වලාන මධ්‍යම දුෂණ මර්ධන ප්‍රහාරක ඒකකය පවසයි.
බෝඹුවල වල්පිට ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි පුද්ගලයෙකු මේසේ අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු විසින් පරිහරණය කළ ජීප් රථයද පොලිස් භාරයට ගෙන තිබේ.
ආනයනය කිරීමේදී ජීප් රථයේ කළු වර්ණය තිබී ඇති බවත්, සැකකරු එය සිය අභිමතය පරිදි පොලිස් දෙපාර්තමේන්තුව භාවිතා කරන නිල් පැහැති වර්ණය පින්තාරු කර හදිසි වර්ණ ලාම්පු සහ පණිවුඩ හුවමාරු යන්ත්රද සවිකර ඇති බැවින් කිසියම් අපරාධයක් කිරීමට සැලසුම් කර ඇද්ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන බව පොලිසිය කීය.
ඒ අනුව මෝටර් රථ ආඥා පනත සහ අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ නඩු පැවරීමට කටයුතු කරන බව පොලිස් නිලධාරීයෙක් කීය.
සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
පානදුර සුමිත් පොතුපිටිය