ආණ්ඩුවට එරෙහිව පැවැත්වෙන විරෝධතා මර්දනය කිරීම වෙනුවෙන් රජය මේ වන විට රසායනික ගෑස් භාවිත කරමින් තිබෙන බව සමගි ජන බලවේගයේ වැලිගම සංවිධානක රෙහාන් ජයවික්‍රම මහතා පවසයි.
ඔහු සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කරන්නේ මෙම රසායනික ගෑස් එල්.ටී.ටී.ඊ. ය හා පැවැති සිවිල් යුදමය කාලයේදී ශ්‍රී ලංකාවට ගෙන ආ බවත් ඒවා භාවිත කරන්නේ ප්‍රමිතිගත ගෑස් ආනයනය කිරීම වෙනුවෙන් රජයට මුදල් නොමැති නිසා බවත් ඔහු පවසයි.
මේ බව තමන්ට ඉතාමත විශ්වාසකටයුතු ආරංචි මාර්ගයකින් දැන ගැනැමීට හැකි බවත් මෙවැනි රසායනික ගගෑස් භාවිත කිරීම හරහා ඇස් වලට මෙන්ම විවිධ ගැටලු ඇතැවි හැයික බවයි. මෙැනි ගෑස් ප්‍රහාරවලට ලක්වූවන් පාර මැද ක්ලාන්තවීම දක්නට ඇති බවද ඔහු පැවැසීය. ජාත්‍යන්තර නීතිය අනුව ඒවා භාවිත කළ නොහැකි බවත් සම්පූර්ණයෙන්ම නීති විරෝධී ක්‍රියාවක් බවත් ඔහු වැඩිදුරටත් පවසයි.