ආදුරුප්පු වීදිය පොලිසියේ සිර මැදිරියේ රඳවා සිටි ඝාතන සිද්ධියක සැකකරුවන් දෙදෙනකුට. වස මිශ්‍ර කිරි තේ ලබාදුන් ප්‍රධාන සැකකරු සහ හිටපු පාමසි සේවකයෙක් අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි
(26) හැවිරිදි ප්‍රධාන සැකකරු වන විවේකා නන්දල මධූෂන් අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 12524 ක් සමග වත්තල ප්‍රදේශයේදීත් අනෙක් සැකකරු (32) හැවිරිදි රත්න කුමාර් නිශාන්තන් අයිස් මත්ද්‍රව්‍ය මිලිගෑම් 11393 ක් සමග කොටහේන ප්‍රදේශයේදීත් අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරියෙකු පැවසීය
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙම සැකකරුවන් දෙදෙනා සමඟ සැකකරුවන් පස් දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇතැයි උසස් පොලිස් නිලධාරියකු පැවසීය
කොටහේනේ අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු ආදුරුප්පුවීදිය පොලිසිය තුළට ගොස් සිරිමැදියේ රඳවා සිටි පුද්ගලයන් දෙදෙනාට වස මිශ්‍ර කිරිතේ ලබා දුන් පුද්ගලයා බවට නිශ්චිත හඳුනාගෙන ඇති අතර අනෙක් පුද්ගලයා ප්‍රසිද්ධ ආහාර අලෙවි සැලකින් බනිස් මිලදී ගත් පුද්ගලයා බවට නිශ්චිත ලෙස හඳුනාගෙන ඇතැයි විමර්ශන නිලධාරියකු පැවසීය
කොටහේන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරු මීට වසර හතරකට ඉහතදී පාමසියක සේවය කළ අයෙක් බවත් ඝාතනයට ලක් වූ සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය කුඩු සෙල්වි නමැත්තියගේ ඥාතියකු බව පොලිසිය සඳහන් කරයි
ඉකුත් මස 24 වෙනිදින රාත්‍රී ආදුරුප්පු වීදිය ජින්තුපිටිය ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් සේරුනුවර පදිංචි චමිදු දර්ශන (27) හා ඔත්තු බැලූ බව කියන කොළඹ 13 පදිංචි ලක්ෂිත ප්‍රනාන්දු (29) යන දෙදෙනා ට ඉකුත් 7 වෙනි දින එම වස මිශ්‍ර කිරි තේ පානය කිරීමට ලබාදීම හේතුවෙන් රෝගී තත්ත්වයට පත්ව එම මොහොතේම කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකය වෙත ඇතුළත් කෙරිණි
ඉකුත් 24 වෙනිදින ජින්තුපිටියේ වෙඩි තැබීම පූකුඩු කන්නාගේ කල්ලිය විසින් සිදුකර තිබූ බවත් එහිදී ඝාතනයට ලක්වූ යේ කුඩු සෙල්වි නැමැත්තියගේ පුතුන් මෙහෙයවන කණ්ඩායමේ අයෙකු බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබුණි
එම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා පූකුඩු කණ්ණාගේ කණ්ඩායමේ සාමාජිකයන් බැවින් කුඩු සෙල්වි නමැත්තියගේ පුතුන් මෙහෙයවන කල්ලිය විසින් ඔවුන් ඝාතනය කිරීම සඳහා වස මිශ්‍ර කිරි තේ ලබා දී ඇති බව පොලිසිය කියයි
කිරි තේ වලට මිශ්‍ර කරන ලද වස වර්ගය කුමක්ද ? එම වස වර්ගයේ මිශ්‍ර කළේ කුමන ස්ථානයකද? යන්න සොයා දැන ගැනීම සඳහා සැකකරුවන් දෙදෙනා දින හතක කාලයකට රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුරටත් ප්‍රශ්න කරන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය
කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂක සහකාර පොලිස් අධිකාරි නෙවිල් ද සිල්වා ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඇන්සලම් ද සිල්වා මහත්වරුන්ගේ උපදෙස් මත සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකයේ වැඩ බලනා ස්ථානාධිපති , උප පොලිස් පරීක්ෂක ආර් එම් ආර් චතුරංග උප පොලිස් පරීක්ෂක කේ ඩි ඒ එම් පොන්සේකා මහත්තුරු ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වයි