හෙරෝයින් මිලිග්රෑම් දෙකක් සමග පොලිස් සැරයන්වරයෙකු මාතලේ කළුදැවල නරිකන්ද ප්රදේශයේදි සැකපිට ඊයේ (15දා) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව මාතලේ මුලස්ථාන පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ නාඋල පොලිසියට අනුයුක්තව සේවය කරන පොලිස් සැරයන්වරයෙකු වන අතර ඔහු ගලේවෙල තලකිරියාගම ප්රදේශයේ පදිංචි අයෙකු බවද පොලිසිය කියයි.
සැකකරු මාතලේ මහේස්ත්රාත් අධීකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතය.
මාතලේ මහේෂ් කිර්තිරත්න