පොලිස් නිලධාරීන් බව හඟවා මෙරට පුරවැසිභාවය හිමි එංගලන්ත ජාතිකයෙකුට හා ඔහුගේ සහෝදරයාට මඩපාත තුඩුව පාර ප්රදේශයේ දී අමානුෂික පහරදුන් බව කියන කණ්ඩායමේ එක් පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පිලියන්දල පොලිසිය කියයි
අත්අඩංගුවටගත් සැකකරු ත්රිරෝද රථ රියැදුරෙක් වන අතර ත්රිරෝද රථය ද පොලිස් බාරයට ගෙන ඇත.
මෙරට සංචාරයක් සඳහා පැමිණ තිබූ එංගලන්ත ජාතිකයන් දෙදෙනා මඩපාත ප්රදේශයේ සිට යතුරු පැදියෙන් පැමිණෙමින් සිටියදී සැකකරුවන් තීරෝද රථ සහ යතුරු පැදිවලින් පැදිවලින් පැමිණ තමන් පොලිසියේ යැයි හඳුන්වා මෙම පහරදීම සිදු කර ඇතැයි පොලිසිය කියයි.
සැකකරුවන් විදේශීය ජාතිකයන් දෙදෙනාට වටකර පහර දීමෙන් ඔවුන් සතුව තිබූ ජංගම දුරකථනයක්, පවුම් 150ක විදේශීය මුදල් නෝට්ටු මෙරට මුදල් පනස් දහසක අස්ථානගත වී ඇතැයි ද පැමිණිල්ලේ සඳහන් වේ.
පහරදීම සඳහා පැමිණි පුද්ගලයන් අතර ඒ ආසන්නයේ අනවසරයෙන් ගියොත කරගෙන තිබූ මත්පැන් අලෙවි හලක සේවකයන් සහභාගි වූවා දැයි සොයා තවදුරටත් විමර්ශනය කරන බවත් පොලිස් නිලධාරියකු පැවැසීය
පහරදීමෙන් බරපතළ තුවාල ලද විදේශීය ජාතිකයන් දෙදෙනා පෞද්ගලික රෝහලකට ඇතුළත්ව ප්රතිකාර ලබාගෙන ඇතැයි පොලිසිය සඳහන් කරයි
පිළියන්දල පොලිසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක කේ කෝ කුමාර මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිනේෂ් හෙට්ටිආරච්චි මහතා පරීක්ෂණ පවත්වයි