(UPDATE) අපරාධ රැසකට සම්බන්ධ අපරාධකරුවෙක් වෙන නීලක සඳරුවන් නොහොත් 'නීලක' පොලීසිය සමග ඇතිවූ වෙඩි හුවමාරුවකදී ජීවිතක්ෂයට පත්ව තිබේ. අඟුරුවාතොට, බලැලපිටිය ප්‍ර දේශයේදී මෙසේ ඔහු ඝාතනයට ලක්ව තිබේ.
සැකකරු අද පෙරවරුවේදී ටී.56 ගිනි අවියකින් අහසට වෙඩි තබා තම නැන්දණිය ළඟ සිටි තම දරුවා රැගෙන ගොස් තිබුණි.
1.26 PM බිරිඳගේ අත්පා වෙන්වෙන්න කැපූ ’නීලක’ අහසට වෙඩි තබා දරුවත් රැගෙන යයි
මිනීමැරුම් ඇතුළු අපරාධ රැසකට සම්බන්ධ " ඉළිබේ රංජි ගේ පුතා නොහොත් නීලක "නැමැත්තා හොරණ කඳන ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටට පැමිණ ටී 56 ගිනි අවියකින් අහසට වෙඩි තබා නැන්දා (තාත්තාගේ අක්කා) භාරයේ සිටි වයස අවුරුදු 7ක සිය දරුවා රැගෙන ගොස් ඇතැයි හොරණ පොලිසිය කියයි
අද (17දා) පෙරවරු 7.40.ට පමණ ත්‍රිරෝද රථයකින් පැමිණ තිබූ නිලක නැමැත්තා දරුවා රඳවා සිටි නැන්දාගේ නිවස ඉදිරිපිටට ගොස් රැගෙන ආ ටී ටී-56 ගිනි අවියකින් අහසට වෙඩි දෙකක් තබා තර්ජනය කරමින් නිවස තුළට ගොස් නිවසේ සෑම තැනක්ම සෝදිසියට ලක් කර එහි සිටි දරුවා රැගෙන ගොස් තිබූ බව පොලිසිය කියයි.
නීලක නැමැත්තා රිමාන්ඩ් භාරයේ සිටි අවධියේදී ඔහුගේ බිරිඳ වෙනත් පුද්ගලයකු සමඟ අනියම් සබඳතාවයක් පැවැත්වීම හේතුවෙන් මීට සතියකට පමණ ඉහත දී සිය බිරිඳගේ අත්පා වෙන් වන ලෙස තියුණු ආයුධවලින් කපා හිසටද බරපතල තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි අයෙක් බව පොලිසිය කියයි.
ඊට අමතරව ඔහුගේ අනියම් බිරිඳ සමඟ සබඳතාවක් පැවැත්වූ බව කියන තීරෝද රථ රියදුරෙකු ද බුලත්සිංහල හල්වතුර ප්‍රදේශයේදී තියුණු ආයුධවලින් කපා බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ද ,බුලත්සිංහල පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි පුද්ගලයෙක් බවද පොලිසිය කියයි
අත්අඩංගුවට ගැනීමට සොයන නිලක නැමැත්තා ඔහුගේ බිරිඳව මීට සතියකට පමණ ඉහතදී කපා බරපතළ තුවාල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය මගින් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව ඔවුන්ගේ එකම දරුවා අධිකරණය මගින් ඔහුගේ මව භාරයට බාරයට තාවකාලිකව පත් කර ඇති අතර අද (18දා) දින පරිවාසයට යොමු කිරීම සඳහා අධිකරණයට ඉදිරිපත් කිරීම ට නියමිතව ඇතැයි පොලිසිය කියයි.
මීට වසර කීපයකට ඉහතදී හොරණ කිරිගල හේන ප්‍රදේශයේ වදකාගාරයක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් චෝදනා ලද නීලක නැමැත්තා ඇතුළු පිරිසක් තියුණු ආයුධ සමඟ පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන තිබූ අතර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් භාරයේ සිට ඇප මත පැමිණ තිබූ බව පොලිසිය කියයි
සැකකරු හොරයින් මත් කුඩු සහ අයිස් මත්ද්‍රව්‍ය පානය සඳහා දැඩිව ඇබ්බැහි වූවකු බවත් පොලිසිය කියයි. පානදුර අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් ද පැමිණ පරීක්ෂණ පැවැත්වීය.
මෙම වෙඩි තැබීමෙන් සිද්ධියත් සමඟම නීලක නැමැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා අවට පොලිස් ස්ථාන වල නිලධාරීන් මෙන්ම විශේෂ පොලිස් කණ්ඩායම් ද යොදවා ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් කීය
බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ