නාඋල පොලිස් බල ප්‍රදේශයට අයත් දෙකේ කනුව ප්‍රදේශයේ දී සිදුකල සෝදිසියක දි සැකකරුවෙකුගේ පොර බැදිමක් හේතුවෙන් පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවියක් ක්‍රියාත්මක වි අද (03දා) පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ.
නාඋල පොලිසියේ නිලධාරින් දෙදෙනෙකු විසින් සැක කටයුතු පුද්ගලයෙකු පරික්ෂා කිරිමේ දි එම සැකකරු සන්තකයේ තිබි හෙරොයින් මත්ද්‍රව්‍ය පැකට් 13 ක් හමුවු බවත් එවා පරික්ෂා කිරිමට යැමේ දි සැකකරු රාජකාරියේ යෙදි සිටි නිලධාරියෙකු සමග පොරබැදිමත් සමග පොලිස් නිලධාරියා සතුව තිබු ගිනි අවිය ක්‍රියාත්මක විමෙන් සැකකරුට වෙඩි වැදි ඇති බව පොලිසිය පවසයි.
අනතුරුව තුවාල කරු නාලන්ද රජයේ රෝහලට ඇතුලත් කිරිමෙන් පසු මියගොස් ඇති බව නාලන්ද රෝහල් ප්‍රකාශකයෙතු කියා සිටියේය.
මෙසේ මිය ගොස් ඇත්තේ නාඋල - දෙකේ කනුව ලිපිනයේ පදිංචිව සිටි ඒ.ජි.තුෂාර චන්ද්‍රරත්න (37) නැමැති අයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වු මරණ කරුගේ ඥාතියෙකු වන ඩබිලිව්.ඒ. චන්දන ජයරත්න මෙසේ කියා සිටියේය.
මිය ගිහින් ඉන්නේ මගේ අයියා කෙනෙක් මම උදේ මෙයාගේ හයර් එකක් යන්න ගියේ බල්ලට බේත් විදින්න. එතකොටම පොලිසියෙන් ආවා පස්සේ පොලිසියෙන් චෙක් කරන්න ගත්තා අපි කිවිවා චෙක් කරන්න එපා කියලා දඹුල්ලේ යන්න පරක්කු වෙනවා කියලා.
පස්සේ අයියයි පොලිසියයි පොර ඇල්ලුවා. එතන හිටපු අනිත් පොලිස් නිලධාරි මහත්තයලා එයාගේ බෑග් එකෙන් පිස්තෝලයක් අරන් බිමට වෙඩි තිබ්බා. පුංචි එහෙමත් ඇවිත් කැගැහැව්වා වෙඩි තියන්න එපා කියලා එතකොටම ඇවිත් පපුවට එකක් වෙඩි තිබ්බා.
පස්සෙ ඒ දෙන්නා එතනින් ගියා පස්සේ මම අයියව අරන් ගියා නාලන්ද රෝහලට පස්සේ ඩොක්ටර් කිවා මෙයා නැති වෙලා ඉන්නෙ කියලා.‘
සිද්ධියෙන් අනතුරුව නාඋල දෙකේ කනුව ප්‍රදේශයේ පොලිස් නිලධාරින් විශාල පිරිසක් යොදවා තිබු අතර නාඋල පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක රාජනායක මහතාගේ උපදෙස් පරිදි සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරිකෂණයක් ආරම්භ කර තිබේ.
නාඋල - ඉන්දික අරුණ කුමාර


