පොලිස් ලොක්කන්ට උත්සව අත්තිකාරම් නෑ
සිංහල අලුත් අවුරුද්ද නිමිත්තෙන් ලබා දෙන උත්සව අත්තිකාරම් මුදල මෙවර පොලිස් පරීක්ෂක ශ්‍රේණියේ සිට ඉහළ නිලධාරීන්ට ලබා නොදීමට පොලිස්පතිවරයා පියවර ගෙන ඇතැයි පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග පවසයි.
උප පොලිස් පරීක්ෂකවරුන්ට සහ එම නිලයෙන් පහළ සියලුම නිලධාරීන්ට පමණක් උත්සව අත්තිකාරම් ලබා දීමට පියවර ගෙන ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම හේතුව නිසා පොලිස් දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්‍ෂකවරන් ඇතුළු ඉහළ නිලධාරීන් 7000 ට ආසන්න පිරිසක් දැඩි කණස්සල්ලෙන් පසුවන බවද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙවර උත්සව අත්තිකාරම් මුදල් ඉල්ලා සිටී සියලුම උසස් නිලධාරීන්ගේ නම් කපා දමා ඔවුනට මේ බව දැනුම් දී ඇතැයිද පොලිස් ආරංචි මාර්ග පවසයි.
උත්සව අත්තිකාරම් මුදල් හිමි උප පොලිස් පරීක්ෂකවරුන් ඇතුළු ඉන් පහළ නිලධාරීන්ට ඊයේ (6) සිට එම ගෙවීම් සිදුකරන බව ද පොලිස් ආරංචි මාර්ග පවසයි.
ඉන්දිකා රාමනායක
popular news
-
දසුන් Saturday, 08 April 2023 02:09 AM
කුඩු 196kg ක් නිදොස් කොට නිදහස් වෙන්න දැම්ම කියන්නේ පරම්පරාවම ඒ අදාල පොලිස් මහත්තුන් ගේ ගොඩ නේ මොන රෙද්දේ අවුරුදු දීමනාද
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

