පොලිස් යතුරුපැදියේ ගමන් කළ කොස්තාපල්ට නාග ප්රහාරයක්
පොලිස් යතුරු පැදියේ යමින් සිටි අහුන්ගල්ල පොලීසියේ පොලිස් නිලධාරියෙකුට එම යතුරු පැදියේ සැගවී සිටි නාගයකු පහරදී අද (16)දහවල් රෝහල් ගත කළ බව අහුන්ගල්ල පොලීසිය කියයි.
අහුන්ගල්ල පොලීසියේ රථ වාහන අංශයේ සේවය කරන පොලිස් කොස්තාපල්වරයෙක් මේ නාග ප්රාහරයෙන් රෝහල් ගත කොට තිබෙන අතර ඔහු බලපිටිය රෝහලේ ප්රතිකාර ලබමින් සිටී.
පොලිස් සැරයන්වරයෙක් සමග මේ පොලිස් කොස්තාපල්වරයා අද(16)අහුන්ගල්ල නගරයේ රථ වාහන රාජකාරියේ යෙදී සිට තිබේ.නතර කර තිබූ පොලිස් යතුරු පැදිය පණ ගන්වා යමින් සිටියදී යතුරු පැදියේ පසුපස ගිය මේ පොලිස් කොස්තාපල්වරයාට යතුරු පැදියේ සැගවී සිටි නාගයා පහරදී ඇත.
ඉන් අනතුරුව නාගයා එම යතුරු පැදියේ ආසනය යට සැගවී ඇති අතර පසුව නාගයාගේ පහර කෑමෙන් තුවාල ලැබු පොලිස් කොස්තාපල්වරයා බලපිටිය රෝහලට ඇතුලත් කොට තිබේ.පොලිස් යතුරු පැදියේ ආසනය යටට රිංගා සැගවී ගිය නාගයා පදේශවාසීන් එක්වී යතුරු පැදියේ ආසනය ගලවා අල්ලාගෙන ඇත. නාග ප්රහාරයට ලක්වූ පොලිස් කොස්තාපල්වරයාට මේ වනවිට බලපිටිය මූලික රෝහලේ ප්රතිකාර ලබමින් සිටී.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

