පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ නිහාල් තල්දූව මහතා නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කර තිබෙන අතර ඒ මහතා අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස පත් කර තිබේ.
නියෝජ්‍ය පොලිස්පතිවරයා පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලෙස තවදුරටත් කටයුතු කරන අතර ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමතිය පරිදි වැඩබලන පොලිස්පතිවරයා විසින් මේ උසස් වීම සිදුකර ඇත.
උසස් වීම මේ මස 08 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ලබා දී තිබේ.