බදුල්ලේ අරාබි විදුහලක ගව ඝාතකාගාරයක් පවත්වාගෙන යාමක් පිළිබද පළවූ ප්රවෘත්තිය සම්බන්ධයෙන් එහි විදුහල්පති රිස්වාන් මවුලවිතුමා පැවසුවේ මේ ගව ඝතන පිළිබදව තමන්ගේ හෝ විදුහලේ පාලන අධිකාරිය කිසිවක් නොදන්නා බවයි.
මෙම විදුහල මව්ලවිවරුන් පුහුනුකරන ස්ථානයක් බවත් දැනටත් විවිධ වයස් කාන්ඩවලට අයත් පිරිමි දරුවන් 50 දෙනෙකු පමණ මෙහි නේවාසිකව පුහුණුව ලබන බවත් මව්ලවිතුමා පැවසීය.
නිරන්තරයෙන් ආයතනයේ ආරක්ෂාව පිළිබඳව උගනන්දුවන බවත් ගව ඝාතකයන් විදුහලතුලට පැමිණ ඇත්තේ මෙහි සේවය කරන සේවකයෙකු සමග ඇතිකරගත් සම්බන්ධතාවක් නිසා යැයි විශ්වාස කරනබවද සදහන් කළේය.
එම සේවකයා සේවයෙන් ඉවත්කළබව ද පැවසීය. නීති විරෝධි ගව ඝාතනය සම්බන්ධයෙන් පොලිසිය කරන රාජකාරියට උපරිම සහාය දෙන බවද අවධාරණය කළේය.
පාලිත ආරියවංශ