තලාතුඔය පොලීසියේ නිලධාරීන් දෙදෙනකුට නාඳුනන පිරිසක් විසින් රාත්රී කාලයේ දී පහරදී තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කොට ඇති බව තලාතුඔය පොලීසිය කියයි.
එසේ පහර කෑමට ලක්ව ඇත්තේ තලාතුඔය පොලිසියේ රාජකාරියේ නිරත පොලිස් සැරයන්වරයෙකු සහ කොස්තාපල්වරයෙකු වන අතර ඔවුන් දෙදෙනා ප්රතිකාර සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට තිබේ .
එම නිලධාරීන් දෙදෙනා ඊයේ (17) රාත්රී 10.30 ට පමණ තලාතුඔය පොලිස් වසමේ ගුරුදෙනිය මාර්ගයේ රාජපක්ෂ වංගුව අසල දී එසේ නාදුනන පිරිසකගේ ප්රහාරයකට ලක්ව තිබේ .
සිද්ධිය සම්බන්ධයෙන් තලාතුඔය පොලිසියේ ඉහල නිලධාරියෙකුගෙන් කළ විමසීමකදී ඒ මහතා පවසා සිටියේ එම පහරදීම රාජකාරි ප්රශ්නයක් උඩ සිදු සිදුවූවක් නොවන බවත් රාජකාරී නිමවා සිවිල් ඇඳුමින් සැරසී ගමන් කරමින් සිටියදී ඔවුන් එම ප්රහාරයට ලක්ව ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ වී ඇති බව දඔහු වැඩිදුරටත් අවධාරණය කළේය .
ෂේන් සෙනෙවිරත්න