කැකිරාව පොලිස් වසමේ මීගස්වැව ප්‍රදේශයේදී විදේශ රටක නිෂ්පාදිත ජීව අත් බෝම්බයක් උල් පිහි අක් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව කැකිරාව පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ තේළඹුගල මාවත, කැකිරාව ලිපිනයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙකි.
ලද තොරතුරකට අනුව කැකිරාව මීගහවැව, සමගිගම ප්‍රදේශයේ සිදු කල මෙහෙයුමකදී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
එම වැටලීම සිදු කරන අවස්ථාවේදී සැකකරු පොලිසිය දැක දිව ගොස්, ප්‍රදේශයේ මඩ වගුරක සැඟවී සිටියදී මෙලෙස අත්අඩංගුවට ගත් බවත්, එම අවස්ථාවේදී සැකකරු පොලිස් නිලධාරීන් හට, ජීව අත්බෝම්බයක් රැගෙන පොලිසියට ප්‍රහාරයක් එල්ල කිරීමට ගත් උත්සාහයේ ව්‍යාර්ථ කල බව පොලිසිය සඳහන් කළේය.
එම අවස්ථාවේදී වහා ක්‍රියාත්මක වී සැකකරු මෙල්ල කර අත්අඩංගුවට ගත් අවස්ථාවේදී, ඔහු සන්තකයේ තිබූ එම GJA015 වර්ගයේ බෝම්බය, සැකකරු ඇඳගෙන සිටි ඇඳුමේ සඟවා ගෙන සිටි රම්බෝ වර්ගයේ පිහියක්, අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 720ක් , ජංගම දුරකථන 3ක් තම භාරයට ගත් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් එම සැකකරු සංවිධානාත්මක අපරාධ ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයෙකුද යන්න පිළිබඳව වැඩි දුර විමර්ශන සිදු කරන බව පොලිසිය සඳහන් කළේය.
සැකකරු කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. කැකිරාව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත් මුණසිංහ මහතාගේ මෙහෙයවීමෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂක හේමන්ත විජය බණ්ඩාර මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් මෙම වැටලීම සිදු කර සැකකරු අත්අඩංගුවට ගත්හ.