පොලිස් නිලධාරීන්ට පාට් දැමූ දේශපාලක සහෝදරයා අත්අඩංගුවට
වත්තල ප්රාදේශීය සභාවේ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු සභාපති වරයෙකු ගේ සහෝදරයකු විසින් පොලිස් නිලධාරීන් තිදෙනෙකුට වායු පිස්තෝලයක් එල්ල කර තර්ජනය කර කොස්තාපල්වරයෙකුට පොල්ලකින් පහර දී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බව වත්තල පොලීසිය කියයි.
ම සැකකරු සමඟ බලපත්රයක් නොමැති විදේශීය රටක නිෂ්පාදිත පිස්තෝලයකට සමාන වායු පිස්තෝලයක්ද සන්තකයේ තිබී පොලිස් භාරයට ගෙන ඇත.
ඉකුත් දෙවෙනි දින වත්තල පොලිසියට අනියුක්ත උප පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකු සහ කොස්තාපල්වරයෙකු අපරාධ නිවාරණ රාජකාීයෙදී සිටියදී අපරික්ෂාකාරී ලෙස මාර්ගයේ ගමන්ගත් කැබ් රථයක් නැවැත්වීමට සංඥා කර තිබූ බව පොලිසිය කියයි
එම අවස්ථාවේ සැකකරු එම නිලධාරීන් අනතුරට ලක් කිරීමට උත්සාහ කර වත්තල කෙරවලපිටිය අල්විස් පෙදෙසේ පිහිටි ඔහුගේ නිවස තුළට කැබ් රථය ඇතුල්කර තිබූ බව පොලිස් විමර්ශන විමර්ශනවලදී අනාවරණය විය.
අවස්ථාවේදී පොලිස් නිලධාරීන් කැබ් රථය පසුපස ත්රිරෝද රථයෙන් ලුහුබැඳ ගොස සැකකරුට නිවසින් පිටතට පැමිණෙන ලෙස දැනුම් දීමත් සමගම සැකකරු පිස්තෝලයක ට සමාන වායු පිස්තෝලයක් එල්ල කර අතේ රඳවාගෙන සිටි පොල්ලකින් කොස්තාපල්වරයා ට පහර දී තිබූ බව පොලිසිය කියයි. කොස්තාපල්වරයා රෝහල් ගත කර ඇත.
අත්අඩංගුවට ගත් 60 හැවිරිදි සැකකරු පොලිස් නිලධාරීන් තිදෙනෙකු ට සාපරාධි බලහත්කාරය පෑම, පොලිස් නිලධාරියෙකුට පහර පහරදී තුවාල සිදුකිරීමේ වරදට හා බලපත්රයක් නොමැතිව පිස්තෝලය කට සමාන වායු පිස්තෝලයක් ළඟ තබාගැනීමේ වරදට
අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. වත්තල පොලිසිය පරීක්ෂණ පවත්වයි.
popular news
-
Kumar Monday, 03 July 2023 04:16 PM
americaway police nidhariyekuta ayudhayak dikkalaanam eka paralowa yanawamayi. lankawe police nidharinge wada thanam kalaada?
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

