ශ්‍රිලංකා පොලිසිය විසින් හබරාදුව නිල සෙවන යෝජනා ක්‍රමයෙන් නිවාස 192ක් මිලදි ගැනිම සදහා රුපියල් මිලියන 500ක මුදලක් අත්තිකාරම් ලෙස ගෙවා තිබුනද මේ වනතෙක් මෙකි නිවාස ව්‍යාපෘතියෙන් කිසිදු නිවසක් පොලිස් නිලධාරින් හට පදිංචියට ලබාදිමට නොහැකිවි ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.
හබරාදුව නිල සෙවන යෝජනා ක්‍රමයෙන් නිවසක් රුපියල් මිලියන 3.8 බැගින් රුපියල් මිලියන 729.6කට නිවාස 192ක් මිලදි ගැනිම සදහා 2017 වර්ෂයේ දෙසැම්බර් මස 29 වැනිදින ගිවිසුමකට එළඹ තිබුණි. ඒ අනුව 2019 වර්ෂයේ අප්‍රේල් මස 02 වන දින වනවිට රුපියල් මිලියන 500ක අත්තිකාරම් මුදලක් ගෙවා තිබුණි. මෙකි ව්‍යාපෘතියේ ප්‍රධාන අරමුණ වුයේ රාජ්‍ය සේවකයින්ට නිවාස ලබාදිම වුවත් 2025 වර්ෂය වනවිටත් කිසිදු නිවසක් පොලිස් නිලධාරින් හට පදිංචියට ලබාදිමට නොහැකිවි ඇත.
මෙම නිවාස පවරාගැනිමට ද කටයුතු කර නොතිබු අතර ගෙවනු ලැබු අත්තිකාරම් මුදල සදහා නිවාස 128ක් පමණ පවරාගැනිමට යෝජනා වි තිබුණි. නමුත් ඒ සදහාද අවසන් එකගතාවයක් ඇතිව නොතිබුණි. නිවාස එකක 128 සදහා රුපියල් මිලියන 500ක මුදලක් ගෙවා තිබිම නිසා රජයට අයත් රුපියල් එක්කෝටි,තිස්හයලක්ෂයක මුදලක් (13,600,000) බාහිර පාර්ශවයක් තුල වසර හයකට අධික කාලයක් රදවා තැබිමට ඉඩහැර තිබිම මගින් රජයට පාඩුවක් සිදුකොට ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
ශ්‍රි ලංකා පොලිසිය සම්බන්දයෙන් 2024 වර්ෂයට අදාලව නිකුත්කොට ඇති කාර්යසාධන වාර්තාවට ඇතුලත්කොට ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුලත්ව ඇත.