රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියකුට පහර දී පලා ගොස් සැගව සිටි සැකකාර කාන්තාවක් 21 දින අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
ඉකුත් 15 දින ජා-ඇල නගර මධ්‍යයේ දී අපරාධ නිවාරණ විශේෂ මෙහෙයුම් රාජකාරියක යෙදී සිටි පොලිස් නිලධාරි කණ්ඩායමක නිලධාරීයකු හට මෙම කාන්තාව පහරදී තිබේ.
විශේෂ මෙහෙයුමේදී පුද්ගලයින් දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන ඔවුන්ව ත්‍රී රෝද රථයකින් ජා-ඇල පොලිස් ස්ථානය වෙත රැගෙන එමින් සිටි නිලධාරීන් පිරිසකට හිස් වැසුම් නොමැතිව යතුරු පැදියක් හිටගෙන ධාවනය කරන කාන්තාවක් නිරීක්ෂණය වී ඇත.
එම අවස්ථාවේ දී පොලිස් නිලධාරීන් යතුරු පැදිය නවතා කාන්තාව පරීක්ෂා කිරීමට සූදානම් වූ අවස්ථාවේ දී අදාළ කාන්තාව පොලිස් නිලධාරියකුට පහර දී යතුරු පැදිය එම ස්ථානයේ දමා පලා ගොස් තිබේ.
යතුරු පැදියේ අංකය ඔස්සේ කල පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ එම කාන්තාව ජා-ඇල බන්ඩිගොඩ ප්‍රදේශයේ පදිංචි කාරියක බව අනාවරණය වී ඇත.
එහෙත් ඇය එම නිවසෙන් සැගව ගොස් ඇති අතර ඉකුත් 21 වන දින ඇයව අත් අඩංගුවට ගැනීමට පොලීසිය සමත් ව තිබේ. අත් අඩංගුවට පත් 45 හැවිරිදි කාන්තාව පොලිස් රාජකාරියට බාධා කරමින් නිලධාරියකුට පහර දීම, හිස් වැසුම් නොමැතිව අනාරක්ෂිත ලෙස යතුරු පැදි ය ධාවනය කිරීම යන චෝදනා යටතේ 22 දින වත්තල මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.