ආණ්ඩුවට එරෙහිව පවත්වන විරෝධතා සඳහා සහාය දැක්වූ පොලිස් නිලධාරියෙක් පිළිබඳව වීඩියෝවක් මේ වන විට සමාජ මාධ්‍ය තුළ වේගයෙන් සංසරණය වෙමින් පවතී.
තත්ත්පර කිහිපයක් පුරා දිවෙන මෙම වීඩියෝවේදී අදාළ පොලිස් නිලධාරියා පවසන්නේ 'නිල ඇඳුම් ඇඳන් හිටියත් අපිත් ඔයගොල්ලෝ එක්කයි' යනුවෙනි.
ඔහුගේ එම වචන කිහිපයෙන් පසුව රැස්ව සිටි විරෝධතාකරුවන්ගෙන් ඔහුට ඉහළ ප්‍රතිචාරයක් ලැබුණි.