පොලිස් නිලධාරින්ට මත්ද්‍රව්‍ය පරීක්ෂණයක්, අසමත්නම් සේවයෙන් ඉවතට
ඌව පළාත තුළ ව්‍යාප්තවී ඇති ගංජා,නීති විරෝධී මත්ද්‍රව්‍ය ඇතුළු විෂ මත්ද්‍රව්‍ය මුලින් උපුටා දැමීම උදුරා දැමීම ඉලක්ක කරගත් විශේෂ මෙහෙයුමේ සමාරම්භක උත්සවය (14) වෙනිදා පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් තණමල්විල පොලිස් ස්ථානයේදී පැවැත්විණි.
ඌව පළාතේ තරුණ පරපුර මත්ද්‍රව්‍ය උවදුරෙන් බේරා ගැනීම සහ නීති විරෝධී මත්පැන් ජාවාරම් මුළුමනින්ම මර්දනය කිරීම අරමුණු කර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
“විෂ මත්ද්‍රව්‍ය තුරන් කිරීමේ ඌවේ වැඩසටහන අපි තණමල්විලෙන් අරඹනවා.මත්ද්‍රව්‍ය ව්‍යාපාරයේ අස්සක් මුල්ලක් නෑර මේ ජාවාරම්කාරයෝ පිරිලා ඉන්නවා.සෙසු රාජ්‍ය ආයතනවලත් හිටියා.පොලීසියෙත් හිටියා.පෙරේදාත් ග්‍රෑම් 700 එක්ක පොලීසියේ කෙනෙක් ගත්තා.පොලිස් නිලධාරියෙක් කියලා නීතිය අඩුවෙන් ක්‍රියාත්මක කරන්නේ නැහැ.
ඔවුන්ට උපරිමයෙන් නීතිය ක්‍රියාත්මක කරනවා.ඒකේ ප්‍රතිඵලයක් විදිහට පොලිස් නිලධාරින් සියයකට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට අරන් තියෙනවා.ඔවුන් සේවයෙන් ඉවත් කරන්න අවශ්‍ය කටයුතු කරනවා.ඒ වගේම රාජ්‍ය සේවයේ තවත් නිලධාරීන් කොටසක්,ත්‍රිවිධ හමුදා නිලධාරීන් කොටසක් මේ ව්‍යාපාරයෙත් ඉන්නවා.ඒත් එක්කම ඒවාට ඇබ්බැහි වෙලත් ඉන්නවා.පොලීසියේ යම් කොටසක් හිටියා.
ඒ කොටස මත්ද්‍රව්‍ය පරීක්ෂණය කරලා සේවයෙන් පහකරන්න අවශ්‍ය කටයුතු කරනවා.පොලීසියේ අය කොච්චර අඩු වුණත්,අපි ඒ කාර්ය කරනවා. මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෙක් පොලීසියේ ඉන්න බැහැ. මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූ පුද්ගලයෝ පොලීසියේ ඉන්න බැහැ.මත් ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ එක්ක ඉන්න නිලධාරීන් ඉන්නවා නම් ඒ තොරතුරු මට ලබා දෙන්න.මත්ද්‍රව්‍ය ජාවාරම සහ සංවිධානාත්මක අපරාධ කොයි තරම් දුරට සම්බන්ධ වෙලා තියෙනවා ද කියන එක දන්නවා. වෙඩි තබාගැනීම්,සමාජයේ කොයි තරම් ප්‍රමාණයක් අවි සංස්රණය වෙනවා ද.මගේ ජංගම දුරකතනය පැය 24 මහජනතාවට විවෘතයි."
මෙම අවස්ථාවට ඌව පළාත් භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න,බදුල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ජී.ඒ.එන්. ලක්සිරි,මොනරාගල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව,මොනරාගල හා බදුල්ල කොට්ඨාස භාර නිලධාරීන්, තණමල්විල ප්‍රාදේශීය ලේකම් කැලුම් නිශාන්ත යන මහත්වරුන් ඇතුළු මොනරාගල ප්‍රදේශයේ පාසල් වල විදුහල්පතිවරුන් ඇතුළු ප්‍රජා කමිටු සමාජිකයෝ සහභාගී වූහ.
මොණරාගල සුමනසිරි ගුණතිලක
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

