පොලිස් ජංගම රථයේ භාණ්ඩ සොරකම් කළ අයෙක් අල්ලයි
පැමිණිල්ලක් විභාග කිරීමට ගොස් සිටියදී අගුණකොළපැලැස්ස පොලිස් ජංගම රථයේ තිබූ තාවකාලික රියදුරු බලපත්‍ර පොත සහ පොලිස් වැසුමක් රැගෙන පලා ගොස් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව අගුණකොළපැලැස්ස පොලිසිය පවසයි.
සැකකරු මෙම භාණ්ඩ සමඟ කල ඇඹිලිපිටිය කොට්ඨාශ බාර ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා වෙත බාරවීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව පොලිසිය කියයි.
අගුණකොළපැලැස්ස බරවකුඹුක ප්‍රදේශයේ නිවසක කලහකාරී ලෙස පුද්ගලයෙකු හැසිරෙන බවට පොලිස් හදිසි ඇමතුම් අංශය වෙත පෙරේදා (16) පස්වරුවේ ලද පණිවිඩයකට අනුව පොලිස්. සැරයන්වරයකු ජංගම රථයෙන් අදාළ ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේදී නිවසේ සිටි තරුණයෙකු කලහකාරී ලෙස හැසිරී ඇති බව පොලිසිය සඳහන් කරයි.
කලහකාරී ලෙස හැසිරුණු එම තරුණයා නිවසින් පිටතට පැමිණ පොලිස් ජංගම රථයේ තිබූ තාවකාලික සහ රියදුරු බලපත්‍ර පොත සහ සැරයන්වරයාගේ හිස් වැසුමක් රැගෙන පලා ගොස් ඇතැයි පොලිසිය කියයි.
පලා ගිය තරුණයා පිළිබඳව තොරතුරක් නොවූ හෙයින් සිද්ධිය සම්බන්ධයෙන් සැරයන්වරයා අගුණකොළපැලැස්ස පොලිසිය දැනුවත් කර ඇත.
තාවකාලික රියදුරු බලපත්‍ර පොත සහ පොලිස් හිස් වැසුම රැගෙන පලා ගිය තරුණයා සිද්ධිය වූ දින රාත්‍රියේ ඇඹිලිපිටිය කොට්ඨාශ පාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා හමුවට පැමිණ සියලු භාණ්ඩ බාරදී බාරවී ඇත.
ඇඹිලිපිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය මේ සම්බන්ධයෙන් අගුණකොළපැලැස්ස පොලිසියට දැනුම් දීමෙන් අනතුරුව පොලිසිය පැමිණ තරුණයා අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. අගුණකොළපැලැස්ස පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

