නිල හිස් වැසුම් අතේ රඳවා ගෙන යාම සහ ආචාර නොකිරීමේ සිද්ධියක් මුල් කරගෙන පොලිස් කොස්තාපල්වරියන් සිව් දෙනකුට දෙනෝ දහසක් දෙනා බලා සිටියදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකු පානදුර නගර මධ්‍යයේදී බැන වැදීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම නිලධාරියාට එරෙහිව විමර්ශනය පැවැත්වෙන්නේ ද? යන්න සොයා බලා පවසන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසිය.
මාධ්‍ය ප්‍රකාශකවරයා එසේ පැවසුවේ පොලිස් කාන්තාවන්ට පරීක්ෂණයක් ආරම්භ කළා සේම එම කාන්තා නිලධාරිනියන්ට දෙනෝ දෙනෝ දහසක් දෙනා ඉදිරියේ බැණවැදී අපහසුතාවයට පත් කිරීම හා මානසික පීඩාවකට ලක් කිරීම සම්බන්ධයෙන් එම ජ්‍යෙෂ්ඨ නිලධාරියාට එරෙහිව ද පරීක්ෂණයක් පවත්වන්නේ දැයි විමසූ අවස්ථාවේදීය.
මෙලෙස කාන්තා නිලධාරිනියන්ට බැන වැදී තිබුණේ ගල්කිස්ස පොලිස් කොට්ඨාසය කේන්ද්‍ර කොට ගනිමින් පිහිටා තිබෙන ආරක්ෂක විද්‍යා පීඨයක තනතුරක් දරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකි.
පානදුර දකුණ පොලිසියේ කාන්තා නේවාසිකාගාරයේ සිට පානදුර පොලිස් අධිකාරී කාර්යාලය දක්වා පා ගමනින් යමින් සිටි පානදුර පොලිස් අධිකාරි කාර්යාලයේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරිනියන් දෙදෙනකු ගබඩා අංශයේ නිලධාරිනියක සහ සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේ ලිපිකාරිනියකට ඉකුත් 10 වෙනි දින මෙම සිද්ධිය වී තිබිණි.
මේ පිළිබඳ පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ මහතාගෙන් විමසීමේදී මෙසේ පැවසීය
"අදාළ කරුණ පාදක කොටගෙන එම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගෙන් කළුතරට නියෝජ්‍ය පොලිස්පතිතුමා ට ලිඛිතව කරන ලද පැමිණිල්ලක් අනුව සහකාර පොලිස් අධිකාරි අධිකාරී ප්‍රිශාන්ත සේනාරත්න මහතා මහතාගේ ප්‍රධානත්වයෙන් විමර්ශනයක් ආරම්භ කරලා තියෙනවා.
මෙම සිද්ධිය හේතුවෙන් මා ද දැඩි අපහසුතාවයට පත්වුණා පානදුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා වශයෙන්, පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වගේම මාගේ හිතවතුන් ගෙන් විශාල වශයෙන් මට දුරකථන ඇමතුම් ලබා දුන්නා. ඔවුන්ට මා කරුණු පහදා දීමට පියවර ගත්තා."