පොලිස් කොමිසමේ පුරප්පාඩුවකට අයැදුම්පත් කැඳවයි
ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයේ පුරප්පාඩු සහ ඉදිරියේ ඇතිවීමට නියමිත පුරප්පාඩු පිරවීමට නිර්දේශ කිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් සුදුසුකම් ලත් තැනැත්තන්ගෙන් අයැදුම්පත් කැඳවීම ආරම්භ කර ඇත.
ඒ සඳහා වූ අයදුම්පත්‍ර, ශ්‍රී ලංකා පාර්ලිමේන්තු වෙබ් අඩවියෙහි (www.parliament.lk) ‘ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට නිර්දේශ කිරීම' ’නමැති ක්ෂණික සබැඳි යටතේ පළකර ඇති ආකෘතිය අනුව සකස් කර, සම්පූර්ණ කරන ලද අයැදුම්පත්‍ර 2026 ජුලි 31 දින හෝ එදිනට පෙර, යොමුකළ යුතුය.
අදාළ අයැදුම්පත්‍ර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ වැඩබලන මහ ලේකම්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව - කාර්යාලය, ශ්‍රි ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රි ජයවර්ධනපුර, කෝට්ටේ, යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ [email protected] යන විද්‍යුත් ලිපිනයට යොමු කළ යුතුය.
ලියුම් කවරයේ ඉහළ වම් කෙළවරේ / විද්‍යුත් ලිපියෙහි විෂය වශයෙන් ‘ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට නිර්දේශ කිරීම’ යනුවෙන් සඳහන් කළයුතුය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
