අවස්ථා තුනක දී පොලිස් නියොග නෙතකා නොනවත්වා ධාවනය කරන ලද වැන් රථයක් ලුහුබැද ගිය පොලිස් නිළදාරින් විසින් වෙඩි තබා නතර කරගැනීමෙන් පසු එහි ගමන්ගත් තිදෙනෙකු 1 අලුයම අත්අඩංගුවට ගෙන ඇතැයි නිට්ටඹුව පොලිසිය කියයි.
අළුයම 0115 ට පමන නිට්ටඹුව පොලිස් වසමේ ගම්පහ කොට්ඨාශ සංක්‍රාමික පොලිස් යතුරු පැදි ඒකකයේ පොලිස්පරීක්ෂක.නලින් මහතා ඇතුලු නිලධරින් වේයන්ගොඩ - නිට්ටඹුව මාර්ගයේ උදම්විට හංදියේ නිළධාරින් හය දෙනෙකු සමග මාර්ග බාධක රාජකාරියේ යෙදි සිටියදි සැකකටයුතු ලෙස වේයන්ගොඩ දෙස සිට නිට්ටඹුව දෙසට වෑන් රථයක් ගමන් කර ඇත.
මෙම වෑන් රථය නැවැත්වීමට පොලිස් නිළදාරින් විසින් සංඥා කිරිමට කටයුතු කර ඇතත්එම වෑන් රථය නොනවත්වා ධාවනය කර ඇතැයි පොලිසිය කියයි.
අනතුරට යතුරු පැදි ඒකකයේ නිළධාරින් වෑන් රථය පිටුපස හබා ගොස් අවස්ථා තුනකදි වාහනය නැවැත්විමට උත්සහ කර ඇති අතර නිට්ටඹුව නගරයේ දි රතු ආලෝක සංඥ වැටි තිබියදි වෑන් රථය වතුපිටිවල දෙසට ධාවනය කර තිබේ . මෙම හේතුවෙන් පොලිස් නිළධාරින් වෑන් රථයේ ඉදිරිපස දකුණු ටයරයට හා පිටුපස දකුණු ටයරයට ටි 56 අවියෙන් වෙඩි ප්‍රහාර තුනක් එල්ල කර වාහනය නවත්වා ඇතැයි පොලිසිය කියයි
අනතුරුව වෑන්රථය මාර්ගයේ වම් පසින් නතර කිරිමෙන් අණතුරුව වාහනය හා එහි සිටි තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.ඔවුන් අධික ලෙස බිමත්ව සිට ඇති අතර රියදුරු ලෙල්ලොපිටිය පදිංචි කුරුවකු බවද සෙසු පුද්ගලයන් රත්නපුර පදිංචි කුරුවන් බව හෙළි වී ඇත.
සැකකරුවන්ට තුවාල ඇත්තැයි පරික්ෂා කිරිම සදහා අධිකරණ වෛද්‍ය නිලධාරී වෙතයොමු කල බවද පොලිසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන බව පොලිසිය සඳහන් කරයි.
මීරිගම පුෂ්පකුමාර මල්ලවආරච්චි