මුල්ලේරියාව පොලිස් වසමේ මෙගොඩ කැළණිය පාලම අසන්නයේ පොලිස් මාර්ග බාධකයේදී අංගෝ දෙස සිට කැළණිය දෙසට පසු පැදිකරුවෙකුත් සමග ධාවනය වූ යතුරුපැසියක් පරීක්ෂා කිරීම සඳහා නැවැත්වීමට සංඥා කළ අවස්ථාවේදී එම යතුරුපැදියේවේගය අඩාල කර නැවත එකවර නොනවත්වා ධාවනය කර ඇති අතර පසු පැදිකරු විසින් ඔහුගේ ඉනේ සඟවාගෙන සිටි පිස්තෝල අවියට සමාන අවියක් අතටගෙන පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් වෙඩි තැබීමට සූදානම් වී ඇතැයි පොලීසිය කියයි.
එම අවස්ථාදෙී මාර්ග බාධකයේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරියෙකු විසින් යතුරුපැදිය දෙසට වෙඩි තැබීමක් සිදුකර තිබේ. යතුරුපැදිය නොනවත්වා කැළණිය දෙසට පලාගොස් ඇත. යතුරුපැදියේ ගමන් ගත් සැකකරුවන්ට වෙඩි වැදීමක් සිදුව ඇත්ද යන්න මෙතෙක් තොරතුරු අණාවරණය වී නොමැත.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරික්ෂණ පවත්වයි.