වෙරළබඩ පොලිස් වසමේදී ඊයේ රාත්‍රි යතුරුපැදි සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරීන් විසින් හෙට්ටියාවත්ත හන්දිය ආසන්නයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක් නවත්වන ලෙසට පොලීසිය විසින් අණකර තිබේ.
කෙසේ වෙතත් පොලිස් අණ නොතකා මෝටර් රථය ධාවනය කර ඇති අතර පසුව පොලිස් නිලධාරීන් මෝටර් රථය ලුහු බැද තිබේ. පසුව මෝටර් රථයේ රියදුරු මෝටර් රථය දමා පළා ගොස් තිබේත
පොලිස් නිලධාරීන් විසින් මෝටර් රථය පරීක්ෂා කිරීමේදී ඒහි තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 4 ග්‍රෑම් 112ක් සොයාගෙන තිබේ. සැකකරු අත්අඩංගුවට ගැනීමට වෙරළබඩ පොලීසිය පරීක්ෂණ පවත්වයි.