පොලිස්පතිවරයා මාලිමාවේ හෝ ජේවීපීයේ නෙමෙයි
අධිකරණයට බොරු තොරතුරු දීලා මේ රටේ අසරණ අහිංසක මිනිස්සුන්ව බොරු චෝදනා දාලා නඩු දාන එකට විරුද්ධව විනිශ්චකාරවරු තීන්දුවක් දුන්නම, ඒ තීන්දුව පැහැර හැරපු පොලිස්පතිවරයාට මොකක්ද වෙන්නේ කියන එකත් අපි බලාගෙන ඉන්නවා යැයි ශ්රීලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය ඔහු මේ බව ප්රකාශ කලේ අද දින පාර්ලිමේන්තුව අමතමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා,
"දැන් අපි දැක්කා පහුගිය දිනක ඊයේ දිනයේදී පොලිස්පතිවරයා එහෙම කරන්න ගිහිල්ලා අමාරුවේ වැටුණා. ඇයි? පොලිස්පතිවරයාත් තේරුම් ගන්න ඕනේ, ඔහු මේ මාලිමාවේවත්, ජේවීපී එකේවත් පොලිස්පතිවරයා නෙවෙයි.ඔහු ශ්රී ලංකා පොලිසිය නියෝජනය කරන්නේ. ආණ්ඩුවට කඩේ යන්න ගිහිල්ලා අවසානයේ මොකක්ද වුණේ? පොලිස්පතිවරයාටත් අධිකරණයට අපහාස කිරීමේ නඩුවක් ගොනු වෙන්න පටන් ගත්තා.
අපි බලාගෙන ඉන්නවා අධිකරණය පැහැර හැරලා, අධිකරණයට බොරු තොරතුරු දීලා මේ රටේ අසරණ අහිංසක මිනිස්සුන්ව බොරු චෝදනා දාලා නඩු දාන එකට විරුද්ධව විනිශ්චකාරවරු තීන්දුවක් දුන්නම, ඒ තීන්දුව පැහැර හැරපු පොලිස්පතිවරයාට මොකක්ද වෙන්නේ කියන එකත් අපි බලාගෙන ඉන්නවා."
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

