මාතලේ කොහොළන්වල හුණුපිටිය මඩවලඋල්පත ප්‍රදේශයේ පොල් වත්තකට අනවසරෙන් ඇතුල් වී පොල් සොරකම් කිරීමට තැත් කළ පුද්ගලයකුට එම වත්තෙහි මුරකරු විසින් වෙඩි තැබීමෙන් අදාල සැකකරු තුවාල ලබා මාතලේ දිස්ත්‍රික් මහා රෝහල වෙත අද (02) දින ඇතුළත් කර ඇතැයි මහවෙල පොලිසිය පවසයි.
මාතලේ කොහොළන්වල ප්‍රදේශයේ පිහිටි අක්කර 20 ක පමණ පොල් වත්තක පොල් සොරකම් කිරීම සඳහා එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු අනවසරයෙන් එම වත්තට ඇතුල්වී ගෝනි දෙකකට පොල් එකතු කරමින් සිටින අවස්ථාවේදී එම වත්තේ මුරකරු විසින් එම පුද්ගලයින් දෙසට එල්ල කරන ලද වෙඩි පහරින් එක් අයකුට වෙඩි වැදී ඇතැයි පොලිසිය කියයි.
වෙඩි වැදුණු අදාල සැකකාර පුද්ගලයා වෙඩි වැදීමෙන් පසු මීටර් පන්සීයක් පමණ දිව ගොස් කොහොලන්වල ප්‍රධාන මාර්ගය අසල වැටී සිටියදී ප්‍රදේශවාසීන් විසින් ඔහු රෝහල්ගත කිරීමට කටයුතු කර තිබේ.
අදාළ සිද්ධියෙන් වෙඩි වැදුනු පුද්ගලයා මීට පෙරද අවස්ථා ගණනාවකදී එම පොල් වත්තට ඇතුළු වී පොල් සොරකම් කරනු ලබන බවට මහවෙල පොලිසිය වෙත පැමිණිලි කර ඇති බව මහවෙල පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් වෙඩි තැබූ බවට සැක කෙරෙන වත්තෙහි මුරකරු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර පොල් වත්තට අනවසරයෙන් ඇතුල් වී පොල් සොරකම් කිරීමට තැත් කළ අනෙක් සැකකරුද අත්අඩංගුවට ගැනීමට පිළිබඳ පරීක්ෂණ කටයුතු මහවෙල පොලිසිය මගින් ආරම්භ කර තිබේ.
අදාල සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු මහවෙල පොලිසිය මගින් සිදු කරනු ලබයි.
රවින්ද්‍ර විරාජ් අබයසිරි