පසුගිය මාස කිපය පුරා රුපියල් 200 ටත් එහා ගිය පොල් තොග මිල මේ වන විට රුපියල් 120 කටත් අඩු මුදලකට පහත වැටි ඇති බව පොල් වගා කරුවන් පවසයි.
පොල් වගාකරුවන් පවසන්නේ පසුගිය මාස කිපය පුරාම පොල් තොග මිල රුපියල් 200 ටත් එහා ගිය බවත් එය මෑතක් වන තුරුම එය රුපියල් 180 ට ආසන්න මිලකට තිබු බවයි.
නමුත් ගෙවි ගිය සතිය වන විට පොල් තොග මිල එකවරම රුපියල් 135 ත් 130 අතර මුදලකට පහත වැටි ගිය බවද කියයි.
ඒ සමග 18 වන දිනය දී පුත්තලම දිස්ත්‍රික්කයෙ ප්‍රදේශ රැසක පොල් ගෙඩියක තොග මිල රුපියල් 120 කටත් අඩුවු බව පොල් කර්මාන්තයෙ නිරත ව්‍යාපාරිකයින් පවසයි.
පොල් මිලදි ගැනිමේ නිරත ව්‍යාපාරිකයින් පවසන්නේ මෙලෙස පොල් තොග මිල පහත වැටිමට ප්‍රධාන හේතුව වී ඇත්තේ මේ වන විට ඩිසි මිල දරුණු ලෙස පහත වැටිම හේතුව බවයි.
ඩිසි මිල පහත වැටිමට බලපා ඇත්තේ රජය පොල් මද ආනයනය කිරීමත් සමග බවත් ඒ හේතුවෙන් ඉදිරියෙදී තව දුරටත් පොල් මිළ පහල යනු ඇති බවට සැක කරන බව ව්‍යාපාරිකයින් පවසයි.
එසේම ව්‍යාපාරිකයින් වැඩි දුරටත් පවසන්නේ මේ හේතුවෙන් තමන් රුපියල් 190 ආසන්න මිළක සිට 150 දක්වා මිලදි ගත් පොල් ඩිසි පොල් සදහා දින 40 කට ආසන්න කාලයක් කොළ තැලිමට ගබඩා කර තිබිම හේතුවෙන් දැවැන්ත අලාභයක් සිදුවිය හැකි බවය.
පොල් තොග මේ ආකාරයට විශාල ලෙස පහත වැටි තිබුනද පොල් පරිභෝජනය කරනු ලබන පාරිභෝගිකයින්ට එම සහනය මේ වන විටත් ලැබි නැති බවත් තවමත් වෙළද පොල තුල පොල් ගෙඩියක් රුපියල් 160 සිට 180 දක්වා මීල නියම වි ඇති බව පාරිභෝගිකයින් පවසයි.