පොල් ගෙඩි හතරක් තුල මත් කුඩු ග්රෑම් අටක් සමග කාන්තාවක් අද (18දා) රත්ගම පන්විල ප්ර දේශයේදී අත්අඩංගුවට ගත් බව රත්ගම පොලීසිය පවසයි.
පොල් වෙළඳාමේ යෙදෙන මුවාවෙන් සැකකාරිය කාලයක් තිස්සේ පොල් ගෙඩි තුල සඟවා මත් කුඩු වෙළඳාම කරගෙන ගොස් ඇති බව පොලීසිය කියයි.
තිස් අට හැවිරිදි සැකකාරිය මීට පෙරද අවස්ථා කිහිපයකදී මත් කුඩු ළඟ කබාගෙන සිටියදී අත්අඩංගුවට ගත් කානාතාවක් බවද පොලීසිය පවසයි.
සැකකාරියගේ සැමියාද මත් කුඩු අලෙවි කිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගතව සිටින බව පොලීසිය කියයි.
සැකකාරිය හෙට (19දා) ගාල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
රත්ගම පොලීසිය මේ පිළිබඳ පරීක්ෂණ පවත්වයි.
කරන්දෙණිය සුසිල් ප්රියන්ත
