හිස මතට පොල් ගෙඩියක් වැටීමෙන් පූගොඩ ප්රදේශයේ කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පූගොඩ පොලීසිය සඳහන් කරයි.
අදාල කාන්තාව දිය නා පසුව ගෙවත්තේ රෙදි වනමින් සිටින අතරවාරයේ පොල් ගෙඩියක් ඇගේ හිසමතට වැටී බරපතළ තත්වයෙන් පසුවී ඇති අතර පසුව ඇය වතුපිටිවල රෝහලටත් ඉන් අනතුරුව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කර ඇත. එහිදි අදාල කාන්තාව ප්රතිකාර ලබමින් සිටින අතවාරයේදි මෙලෙස මියගොස් ඇතැයි සඳහන්.
මියගොස් ඇත්තේ පූගොඩ කඳනගොඩ පදිංචි 73 හැවිරිදි පස්දරු මවක් වන අතර හදිසි මරණ පරීක්ෂණය කොළඹ නාගරික හදිසි මරණ පරීක්ෂක ඒ. සමරවීර විසින් සිදුකර ඇතැයිද සඳහන්.
කිරිඳිවැල උපාලි රණවීර