පොල් කොළ මැලවිමේ රෝගය දකුණෙන් පිටතට යාම වැළැක්විමට යයි
දකුණු පළාත තුල දැනට පවතින වැලිගම පොල් කොළ මැලවිමේ රෝගය දකුණු පළාතෙන් ඔබ්බට පැතිරියාම තවදුරටත් වලක්වාගැනිම සදහා මෙම වර්ෂය තුල හදුනාගත් රෝගි ගස් සියල්ල සලකුණු කර ඉවත් කිරිමට කටයුතු කරණ බ පොල් පර්යේෂණ ආයතනය පවසයි.
මෙකි රෝගය පාලනය කිරිම සදහා මෙම වර්ෂය සදහා රුපියල් මිලියන 122ක මුදලක් වෙන්කොට ඇත. එමෙන්ම වැලිගම පොල් කොළ මැලවිමේ රෝගය තවදුරටත් දකුණු පළාතෙන් ඔබ්බට පැතිරියාම වලක්වා ගැනිම සදහා ආරක්ෂිත කලාපය පවත්වාගෙන යාම සදහා රෝගි පොල්ගස් සියල්ල ඉවත් කිරිමට කටයුතු කරණ බවද පොල් පර්යේෂණ ආයතනය පෙන්වාදෙයි.
මෙකි රෝගයට ප්රතීරෝධී පොල් ප්රභේද නිෂ්පාදනය සදහා කොළ කුන්දිරාගස් 300ක් අත්පරාගණය සිදුකොට වසරකට දෙමුහුම් බිජ 12000 ක් පමණ නිෂ්පාදනය කිරිමට සැලසුම්කොට ඇති බවද පොල් පර්යේෂණ ආයතනය පෙන්වාදෙයි. වැලිගම පොල් කොළ මැලවිමේ රෝගය පාලනය කිරිම සදහා ආරක්ෂිත කලාපය පරික්ෂාකර රෝගි පොල්ගස් සලකුණු කර ඉවත් කිරිමට ඉකුත් වර්ෂය තුලද (2025) කටයුතු කරණු ලැබිය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
